මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක්ද ඉදිරිපත් කළ බවත් ඒ අනුව භාණ්ඩාගාර අනුමතිය ලබා ගෙන කොටස් දෙකක් වශයෙන් මෙම ගෙවීම් සිදුකිරීම සඳහා කටයුතු සලසන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතීත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී පැවති එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදී මේ බව අනාවරණ කළේ, විශ්‍රාමික පාරිතෝෂික දීමනා ප්‍රමාද වීම පිළිබද මන්ත්‍රීවරු විමසා සිටි අවස්ථාවේදීය.
මෙරට පවතින ආර්ථික අර්බුදය මත භාණ්ඩාගාරය මගින් මුදල් නිදහස් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් විශ්‍රාමික පාරිතෝෂිකය අපේක්ෂාවෙන් විශාල පිරිසක් පොරොත්තු ලේඛනයේ සිටින බව විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී පැවසීය.
මේ වන විට 2022 ජනවාරි දක්වා සියලු ගෙවීම් සිදු කර ඇති බවද ඒ මහතා මෙහිදී සදහන් කළේය. එසේම 2022 ජනවාරි සිට ඉතිරි කාලය දක්වා ගෙවීම් සදහා අවශ්‍ය මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය මේවන විට එකඟතාව පළ කර ඇති බවත් ඒ අනුව එම මුදල් ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා පැවසීය.
එසේම විශ්‍රාම ගැන්වීමේ වයස අවු 60 දක්වා අඩුකිරීම නිසා මෙම වසරේ දෙසැම්බර් 31 වැනිදායින් පසු නව අයදුම්පත් ප්‍රමාණයක් ලැබෙනු ඇතැයි
අපේක්ෂා කරන බවද විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේය.
ඔවුන් සියලු දෙනාට ම මූලික විශ්‍රාම වැටුප කඩිනමින් ලබා දීමට විශේෂ
වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද ඒ මහතා පැවසීය.
පළාත් පාලන ආයතනවල දීර්ඝ කාලයක් සේවය කළ සේවකයන්ගේ ගැටලු
විසදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය. මේ අනුව ඒ සදහා ඉදිරි
ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට විශේෂ කමිටුවක් පත් කිරීමට පියවර ගන්නා
බවද පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා
පවසා සිටියේය.
එසේම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී අමාත්‍යාංශ බලධාරීන්ට
උපදෙස් ලබා දුන්නේ, දැනට ප්‍රමාද වී ඇති රාජ්‍ය ආයතන වාර්ෂික වාර්තා
හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. තවද අනෙකුත්
රාජ්‍ය ආයතනවලටද මේ බව දන්වා යවා ඒවායේ ප්‍රමාද වී ඇති වාර්තා
පාර්ලිමේන්තුවට ගෙන්වා ගැනීමට මෙම සාකච්ඡාවේදී තීරණය කෙරිණි.
නගර සභා ගණනාවක් මහනගර සභා බවට පත් කරන අග්‍රාමාත්‍යවරයාගේ
වැඩපිළිවෙළ ගැනද මෙහිදී සාකච්ඡාවට ලක්විය. අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය
පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස
උතුරු පළාතේද එම වැඩපිළිවෙළ සිදුකිරීම පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස්
නිර්මලනාදන් මහතා ප්‍රසාදය පළ කරමින් ඉල්ලා සිටියේ, මන්නාරම ද මහ
නගර සභාවක් බවට පත් කිරීමේදී මන්නාරම ප්‍රාදේශිය සභාව අහෝසි
නොවන ලෙස එම කටයුතු සිදු කරන ලෙසය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වැඩිකිරීම සඳහා අවශ්‍ය
පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මෙහිදී
ඉල්ලීමක් කළේය. එහිදී මේ සම්බන්ධව සාකච්ඡා කර කරුණු කාරක සභාවට
වාර්තා කරන බවට අමාත්‍යංශ නිලධාරීහු එකඟතාව පළ කළහ.
ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත,රාජ්‍ය අමාත්‍යවරුන් වන
ශාන්ත බණ්ඩාර, ඉන්දික අනුරුද්ධ, අනුප පැස්කුවල් යන මහත්වරුද කමිටු
සාමාජික මන්ත්‍රිවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, ජේ.සී අලවතුවල, ජයන්ත
කැටගොඩ, සුදත් මංජුල යන මහත්වරු ද මනෝ ගනේෂන්, චන්දිම
වීරක්කොඩි, යදාමිණි ගුණවර්ධන, එච්.එම්.එම් හරිස්, රෝහණ බණ්ඩාර,
මධුර විතානගේ, චාල්ස් නිර්මලනාදන්, ගුණතිලක රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරු
පිරිසක්ද අමාත්‍යාංශය සහ අදාළ ආයතනයන්හි රාජ්‍ය නිලධාරීහු ද මෙම
අවස්ථාවට එක්ව සිටියහ.