මැයි 17, 2025
tami eng youtube  twitter facebook

    පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක්

    නොවැම්බර් 11, 2022

    පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීම සඳහා වන මූලික පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් සහභාගි වන විශේෂ රැස්වීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වුණි.

    මෙහිදී පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලය පිහිටුවීමට අදාළ මූලික පනත් කෙටුම්පත පිළිබඳව පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දීර්ඝව සාකච්ඡා කිරීම සිදු විය. එසේම තවදුරටත් මෙම පනත් කෙටුම්පත පිළිබඳ අධ්‍යයනය කොට නැවත සති දෙකකින් රැස්වීමට තීරණය කෙරුණි.

    මෙම රැස්වීම සඳහා නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තුවේ සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, එම්. යූ. එම්. අලි සබ්රි, ඩග්ලස් දේවානන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, වාසුදේව නානායක්කාර, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, දයාසිරි ජයසේකර, කබීර් හෂීම්, කුමාර වෙල්ගම, සාගර කාර්යවසම්, ශාන් විජයලාල් ද සිල්වා, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, හර්ෂ ද සිල්වා, වීරසුමන වීරසිංහ, වී. රාදක්‍රිෂ්නන් සහ ගරු ඒ.එල්.එම්. අතාවුල්ලා යන මහත්වරු සහභාගී වූහ.

    එසේම පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහ ලේකම් කුෂානී රෝහණදීර මහත්මිය ද සහභාගී වූහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya