මෙවර අය වැය සම්බන්ධයෙන් පැහැදිළි කිරීම සඳහා මාධ්‍යයට අද (11 දින) අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,මෙවර ඉතාමත්ම අභියෝගාත්මක අය වැයක් ඉදිරිපත් කිරීමේ තත්වයට මුදල් අමාත්‍යවරයා මුහුණ දෙන බවත්, 2022 වර්ෂය ආර්ථිකය ගැඹුරු අගාධයකට ගමන් කළ වර්ෂයක් බවත්, සියයට ඍණ අටකට අධික ආර්ථිකයකට අප මුහුණ පා ඇති බවත්ය.
මේ වන විට ආහාර උද්ධමනය 90%කට අධික හා සාමාන්‍ය උද්ධමනය 70%කට ආසන්න බවත්, ප්‍රතිපත්තිමය පොලී අනුපාතය 30%කට අධික බවත්, අප ණය නොගෙවන රටක් ලෙස ලෝකයට ප්‍රකාශ කර ඇති බවත්, මුදල් අමාත්‍යවරයාට අය සහ වැය සම්බන්ධ පුරෝකථනය කිරීමට සිදුව ඇත්තේ එවැනි පසුබිමක් තුළ බවත් රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
මේ වන විට මෙරට සිටින පවුල් ලක්ෂ 58කට අධික ප්‍රමාණයෙන් ලක්ෂ 40ක් පමණ ජීවත් වීම සඳහා රජයෙන් ආධාර ඉල්ලා ඇති බවත්, එය ඉතා බැරෑරුම් තත්වයක් බවත්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.