මැයි 17, 2025
tami eng youtube  twitter facebook

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව් දෙනෙකු පිළිබඳ ශෝක යෝජනා විවාදයට

    නොවැම්බර් 11, 2022

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිව් දෙනෙකු පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන යෝජනා අද (11) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනේ.

    ඒ අනුව පූජ්‍ය බද්දේගම සමිත හිමි, චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන,ටී.බී ඒකනායක, තුරෙයිරත්නසිංහම්, යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනා විවාද කෙරේ.

    සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ඒ පිළිබඳ ශෝක යෝජනාව ඉදිරිපත් කළේය.

     

     

    ශෝකයෝජනාව ඉදිරිපත් කරමින් සභානායක,අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසුවේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ පළමු බෞද්ධ භික්ෂූන් වහන්සේ වන්නේ පූජ්‍ය බද්දේගම සමිත හිමි බවයි. සුනාමි විපත අවස්ථාවේ සහ පාස්කු ප්‍රහාරය අවස්ථාවේ ජනතාවට පිහිට වූ උන්වහන්සේ ජනතාවට විශාල සේවයක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙ බව ද කීය.

    කඹුරුපිටිය ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන, මහතා එම ප්‍ර දේශයේ ජනතාවට විශාලය සේවයක් ඉටු කළ බවයි. මාතර මහ නගර සභාවේ පුරපතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා වසර 5යි මාස 7 ක කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ ඒ මහතා වයස අවුරුදු 85 දී අභාවප්‍රාප්ත විය.

    පොදුජන පෙරමුණ නියෝජනයකරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි ටී.බී.ඒකනායක මහතා 1977 වසරේ පැවති මහමැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසියේය.

    1992 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් වයඹ පළාත් සභාවට තේරි පත්වන ටී.බී. ඒකනායක මහතා පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 1994 වසරේදීයී. සංස්කෘතික සහ කලා කටයුතු පිළිබද අමාත්‍ය ඇතුළු නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම කැබිනට් නොවන අමාත්‍ය ධූර රැසක් ද ටී.බී. ඒකනායක හොබවනු ලැබුවා. කලාව සහ සංස්කෘතිය පිලිබඳ ලිපි ලියූ ඒ මහතා සම්බුද්ධ ශාසනයට කළ සේවය සහ නොකලැල් මහජන සේවය හේතුවෙන් කීර්ති ශ්‍රි ජනරංජන යන නාමයෙන්ද පුදනු ලැබුවා. ඒ මහතා වයස අවුරුදු 66 අභාවප්‍රාප්ත විය.

    ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරත්නසිංහම්,යුද්ධයයෙන් හානියට පත් ප්‍රෙද්ශ සහ සුනාමියෙන් විනාශ වූ ප්‍රෙද්ශ ගොඩ නැංවීමට විශාල වෙහෙසක් දැරු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා වසර 12ක් පාර්ලිමේන්තව නියෝජනය කළ මන්ත්‍රීවරයෙකි.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya