ජූනි 18, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්වූ නව තානාපතිවරු සත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති

    නොවැම්බර් 11, 2022

     

     

    ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්වූ නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනපතිට අක්ත පත්‍ර භාර දෙති.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් පත්ව පැමිණි නව තානාපතිවරු හත් දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර භාර දුන්හ.
    මෙක්සිකෝ, භූතානය, පැරගුවා, ලක්ෂම්බර්ග්, රුසියාව, ඕමානය සහ ප්‍රංශය සඳහා නව තානාපතිවරුන් ද ඝානා රාජ්‍ය සඳහා මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්ව සිටිති.


    ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙක්සිකෝ නව තානාපති ලෙස ෆෙඩෙරිකෝ සලාස් ලොට්ෆේ (Federico Salas Lotfe) මහතාත්, ශ්‍රී ලංකාවේ භූතාන නව තානාපතිවරයා ලෙස රින්චෙන් ක්වෙන්සිල් (Rinchen Kuentsyl) මහතාත්, ශ්‍රී ලංකාවේ පැරගුවා නව තානාපතිවරයා ලෙස ෆ්ලෙමින් රවුල් ඩෝටේ (Fleming Raul Duatre) මහතාත්, ඝානා රාජ්‍යයේ නව මහකොමසාරිස් ලෙස ක්වාකු අසෝමා චෙරමේ (Kwaku Asomah Cheremeh) මහතාත්, ලක්ෂම්බර්ග් රාජ්‍යයේ නව තානාපතිනිය ලෙස පෙගි ෆැන්සන් (Peggy Frantzen) මෙනවියත්, රුසියා නව තානාපති ලෙස ලෙවාන් Zගාරියන් (Levan Dzhagaryan) මහතාත්, නව ඕමාන තානාපතිවරයා ලෙස අහමඩ් අලී සයිඩ් අල් රෂ්ඩි (Ahmed Ali Saeed Al Rashdi) මහතා හා ප්‍රංශ නව තානාපතිවරයා ලෙස ජෝන් ෆ්‍රැන්කෝ පැක්ටේ Jean-Francois Pactet මහතාත් කටයතු කරනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya