ඉදිරිපත් කෙරෙන විසර්ජන කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා ඊයේ (13) මේ බව පැවසීය.
ඒ අනුව පුනරාවර්ථන ව්යදම් සඳහා රජය රුපියල් බිලියන 2442ක් වැය කිරීමට යොජනා කර ඇති බවත්, ප්‍රග්ධන වියදම් ලෙස රුපියල් බිලියන 1225ක් වැය කිරීමට යෝජනා කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම ණය වාරික ගෙවීම සඳහා රුපියල් බිලියන 4218ක් වෙන් කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ මොහොතේ ජනතාව විශාල ලෙස සහන බලාපොරොත්තු වන බවත්, මෙතෙක් සාමාන්‍ය විසර්ජන කෙටුම්පතක තිබූ අංක එකේ වියදම වන ආරක්ෂක වියදම මෙවර පහළ දමා ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
සමාජ ආරක්ෂණය සඳහා රුපියල් බිලියන 572ක් යෙදවීමට අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 504ක් යෙදවීමට තීරණය කර ඇති බවත්, සෞඛ්‍ය වෙනුවෙන් රුපියල් බිලියන 432ක් යොදවා ඇති බවත්, ආරක්ෂක වියදම් පහළ දමමින් ආරක්ෂාව වෙනුවෙන් රුපියල් බිලියන 410ක් යෙදවීමට තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වාදුනි.