මෙම සාකච්ඡාවේ දී සාගර මැණුම් කටයුතු සම්බන්ධයෙන් නාරා ආයතනයේ වගකීම් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර සාගර මැණුම් කටයුතු පිළිබදව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමිටුවක් පත් කර ඇති බවත් එම අනුකමිටුව වෙත නාරා ආයතනය මගින් සාගර මැනුම් කටයුතු සම්බන්ධයෙන් කරගෙන යන ව්‍යාපෘති පිළිබද විස්තර මෙන්ම ඉදිරියේදී කිරීමට බලාපොරොත්තු වන මැනුම් ව්‍යාපෘති සම්බන්ධ සැලසුම් පිළිබදව ද වාර්තා ඉදිරිපත් කරන ලෙසත් පැවසීය.
තවද නාරා ආයතනය පිහිටුවීමේදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පාර්ලිමේන්තු පනතට අනුව නාරා ආයතනයට සාගර මැනුම් කටයුතු සම්බන්ධයෙන් පැවරෙන වගකීම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය.
එමෙන්ම අමාත්‍යවරයා විසින් නාරා ආයතනයේ සේවක පුරප්පාඩු පිළිබද වාර්තාවක් ද ඉල්ලා තිබේ.