මැයි 17, 2025
tami eng youtube  twitter facebook

    යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් දෙවෙනි පොහොර නැව කොළඹ වරායට

    නොවැම්බර් 14, 2022

    යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22000ක් රැගත් දෙවන නෞකාව ඊයේ (13) පස්වරුවේ කොළඹ වරායට සේන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    මෙවර මහ කන්නයේ වී හා බඩ ඉරිඟු වගාවන් සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනිමට ලෝක බැංකුව ලබා දෙන ලද ඇමරිකානු ඩොලර්මිලියන 105ක මුල්‍ය ප්‍රතිපාදන යටතේ මෙටට පැමිණි දෙවන නෞකාව මෙය වේ.

    මෙම යුරියා පොහොර රැගත් නෞකාව මැලේසියාවේ සිට පැමිණ තිබේ. මෙම නෞකාවේ පොහොර ගොඩ බෑමේ කටයුතු ඊයේ සිට ආරම්භ කරනලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා පොහොර සමාගමට සහ කොමර්ශල් පොහොර සමාගමට උපදෙස් ලබා දී තිබේ.

    මේ වනවිට ලෝක බැංකු ණය ප්‍රතිපාදන යටතේ මෙවර මහ කන්නය සඳහා ලැබී ඇති යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 35,000කි. පසුගියයල කන්නයේ දී ඉන්දීය ණය යෝජනා ක්‍රමයක් යටතේ මිල දි ගත් පොහොර මෙට්‍රික් ටොන් 65,000න් ඉතිරිවූ පොහොර මෙට්‍රික් ටොන් 34,000ක්මේ වනවිට මහ කන්නයේ වී වගාවේ පළමු යුරියා පොහොර මුරය සඳහා සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත බෙදා හැර තිබේ.

    මෙම මස 28 දින තවත් යුරියා පොහොර නැවක් මෙරටට ලඟා වන අතර ලබන මස පළමු සතියේ දී බණ්ඩි පොහොර (මියුරේට් ඔෆ් පොටෑෂ්)මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නැවක් කොළඹට පැමිණීමට නියමිතය.

    එමෙන්ම එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය දිස්ත්‍රික් 08ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා ලබා දීමට යුරියා පොහොරමෙට්‍රික් ටොන් 700ක් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාර දීම හෙට (15) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරේ.

    මෙම මහකන්නයට අවශ්‍ය සම්පුර්ණ පොහොර ප්‍රමාණයම ලැබෙන බැවින් කිසිදු බියකින් තොරව වී හා බඩ ඉරිගු වගාකටයුතු ආරම්භ කරන ලෙසඅමාත්‍යවරයා ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya