පෙර වසර පැවැති ආකාරයට මෙවර අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාව වෙනුවෙන් සමාරම්භක උත්සවයක් සංවිධානය කර නොමැති අතර ඒ සඳහා වන සියලු වියදම් අවම කරමින් මෙවර අයවැය කතාව පැවැත්වෙන අවස්ථාව සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
මෙවර අයවැයට සවන්දීමට විශාල ආරාධිතයින් පිරිසකට ද ආරාධනා කර නොතිබීම විශේෂත්වයකි. මේ අවස්ථාව සඳහා රජයේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙන් ම විෂේෂ ආරාධිතයින් ලෙස රටවල් නියෝජනය කරන තානාපති සේවාවල ඉහළ නිලධාරීන් සහභාගී වෙයි. එමෙන් ම මේ අවස්ථාවට ශිෂ්‍ය පාර්ලිමේන්තුව ,යොවුන් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිසුන් පිරිසක් සහභාගී වන්නේ ද ප්‍රථම වරයටය.