පුද්ගලික අංශයේ ව්‍යවසාකයින් ප්‍රවර්ධනය කළ යුතු බව කී ජනාධිපතිවරයා, අප ගොඩනගන්නට යන්නේ නව සමාජ ආර්ථික වෙළඳපොළ ආර්ථිකයක්, සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් බව කීය.ප්‍රසස්ථ මම්මටේ රාජ්‍ය සේවයක් ඇති කරනවා. රාජ්‍ය සේවකයින්ට 2023 වසරේ සැලකිය යුතු සහනයක් ලබාදීමට හැකි බවද ජනාධිපතිවරයා පැවසීය.
අපේම ශක්තියෙන් අපට නැගි සිටීමට පුළුවන් පදනම්ක් සකස් කිරීමට සහ නව ආර්ථිකයක් නිර්මාණය කිරීමේ ප්‍ර වේශය නිර්මාණය කිරීම මෙවර අය වැයෙන් බලාපොරොත්තු වන බව ද ජනාධිපතිවරයා කීය.
දින ගණන් පෝළිම් වල සිටි යුගය පසු කර දුක් කරදර අවසන් වූ සැනසිළිදායක යුගයකට අද පැමිණ ඇත. අනුන්ට ණය වෙමින් සහන ලබා දුන්නා කියා එමගින් රටට ඇතිවන සුගතියක් නොමැති බවත් , දැන්වත් මෙම තත්වයයෙන් මිදී කටයුතු කටයුතු කිරීමට චින්තන රටාව වෙනස් කර ගනිමු යැයිද කීය.
මෙවර අයවැය යෝජනා සාම්ප්‍රදායික අයවැය යෝජනාවලින් වෙනස් බවත් මිල අඩු කිරීම්, පඩි වැඩි කිරීම සහන ආදී ජනප්‍රිය තීඍණ ගැනීම නිසා මග වැරදුණු බවත් තවදුරටත් එසේ මංමුලා නොවිය හැකි බවද මේ අය වැයෙන් අන කරන්නේ ලෝකයට ණය වමෙින් මගුල් කන තාලයේ වැඩක් නෙමෙයි.
ණය ප්‍රතිව්‍යහගතකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහ චීනය ඇතුළු අනෙකුත් රටවල් සමග සිදු කරන සාකච්ඡා වලින් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි බවට විශ්වාසයක් ඇති බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
2023 අයවැය නව ආර්ථිකයක් ගෙිාඩ නැංවීමේ ක්‍රියාවලිය ආරම්භ කරන බවත් , පාට පාට දේශපාලන කණ්ණාඩි ගලවා දැමිය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කරන අතර අලුත් ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය පහසුකම් සපයන , ඔවුන්ගේ කාර්යයන් වඩාත් ඵලදායී කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කරනවා. 2023- 2032 දක්වා නව අපනයන මඟින් ඩොලර් බිලියන 3ක වාර්ෂික වර්ධනයක් අපේක්ෂා කරනවා. ඒක පුද්ගල ආදායමට සරිලන ජීවන ක්‍රමයක් වෙනුවට තරුණ තරුණියන් අපේක්ෂා කරන ජීවන ක්‍රමයට ගැලපෙන ආර්ථිකයක්, ලෝකයේ නව ප්‍රවණතාවන්ට ගැලපෙන ලෙස අලුත් ආර්ථික පදනමක් සකස් කර ගත යුතුයි. දිළිඳු හා අවදානමට ලක්ව ඇති කණ්ඩායම් රැකබලා ගැනීමට පූර්ණ අවධානය යොමු කරනවා. පුද්ගලික ව්‍යවසායකයන් දිරිමත් කරන අතර අලුත් ව්‍යවසායකයන් බිහි කිරීමට අවශ්‍ය පහසුකම් සපයන , ඔවුන්ගේ කාර්යයන් වඩාත් ඵලදායී කරගත හැකි ප්‍රතිපත්තිමය පරිසරයක් සකස් කරනවා. ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය නීති සංශෝධන සහ නව පනත් නුදුරේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. සමාජ වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් ඔස්සේ 7%- 8% ක ඉහළ ආර්ථික වර්ධනයක් සපුරා ගැනීමට අපේක්ෂිතයි. ජාත්‍යන්තර වෙළෙඳාම දළ දේශීය නිශ්පාදිතයේ ප්‍රතිශයක් ලෙස 100%ක් පමණ ඉහළ නංවා ගැනීමට පියවර ගන්නවා.