මෙලෙස අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවකට පාසැල් සිසුන් ඇතුළු තරුණ ප්‍රජාවකට අවස්ථාව ලබා දී ඇත්තේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමුවරට බවද වේත්‍රධාරීවරයා සදහන් කළේය.
බස්නාහිර පළාතේ පාසැල් කිහිපයක ශිෂ්‍ය නායකයන් ඇතුළු ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවෝද ජාතික තරුණ සේවා සභාවේ තරුණ පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ තරුණියයෝ සියයකට ආසන්න ප්‍රමාණයක්ද මේ අතර වූහ. මීට අමතරව යොවුන් සේනාංකය නියෝජනය කරමින් තරුණ පිරිසක්ද අයවැය විවාදය නැරඹීමට පැමිණ සිටියහ.
අයවැය විවාදය නැරඹීමෙන් අනතුරුව ඔවුහු පාර්ලිමේන්තුවේ නැරඹුම් චාරිකාවකටද එක්වූහ.