පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    75 වන නිදහස් සමරුවට සමගාමීව දිවයින පුරා ගෙවතු දස ලක්ෂයක තරගයක්,ශ්‍රමදාන තරඟාවලියක්

    නොවැම්බර් 15, 2022

    රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත 2023 වසරට යෙදෙන 75 වන නිදහස් දින උත්සවයට සමගාමීව ආහාර සුරක්ෂිතතාව නැන්වීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාවට නැන්වීමට පියවර ගෙන ඇත.

    පවතින ආර්ථික අර්ථික අර්බුදය තුල මෙරට ජනතාවගේ ආහාර අවශ්‍යාතාවයෙන් වැඩි කොටසක් රට තුළින් නිෂ්පාදනය කිරීම ඉලක්ක කොටගෙන මෙම ආහාර සුරක්ෂිතතා වැඩසටහන දිවයින පුරා මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබේ.එළඹෙන වසරේ සැමරෙන 75 වන නිදහස් දින සැමරුමට සමගාමීව මෙම වැඩසටහන සම්බන්ධයෙන් රට තුල වැඩි අවධානයක් ලබා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමන්ගේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ විශේෂ වැඩසටහනක් වෙනුවෙන් අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.එහි සඳහන් කර ඇති ආකාරායට නිදහස් දිනයට සමගාමීව දිවයිනේ ගම් 14022 තුල ක්‍රියාත්මක හොඳම ගෙවතු දස ලක්ෂ පනස් දහසක් තෝරා ගැනීමට නියමිත අතර එමගින් රට තුල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ජනතාවගේ උනන්දුව වැඩිදියුණු කිරීමට අපේක්ෂා කෙරේ.

    එසේම දිවයිනම ආවරණය වන පරිද්දෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධ කරගනිමින් ශ්‍රමදාන වැඩසටහනක් දියත් කිරීමට අවශ්‍ය උපදෙස්ද මෙම චක්‍රලේඛය මගින් ලබා දී ඇත.එම වැඩසටහන මගින්ද හොඳම ශ්‍රමදාන වැඩසටහන තේරීම සඳහා වන වැඩපිළිවෙලක්ද මෙමගින් ක්‍රියාත්මක කෙරේ. ඒසේම දැනට ක්‍රියාත්මක වන ග්‍රමීය ආර්ථික ප්‍රනර්ජීවන හා ආහාර සුරක්ෂිත හා අහාර සුරක්ෂිතා කමිටු අතුරින් හොඳම කමිටු තොරා ගැනිමට ද නියමිත ව ඇත.

    ජාතියක් ලෙස මුහුණ දි ඇති ආර්ථික අර්බුදයෙන් මිදීම වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නැන්වීමට රාජ්‍ය පරිපාලන,ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පියවර ගෙන ඇත. අදාල චක්‍රලේඛය මේවන විට සියලු ග්‍රාම නිලධාරීන්,ප්‍රාදේශීය ලේකම්වරුන්, දිස්ත්‍රික්ක ලේකම්වරුන් මෙන්ම පළාත් හා අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ලබා දීමටද අමාත්‍යංශය පියවර ගෙන ඇත.

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya