පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    ළමා ආරක්ෂාවට කටයුතු කරන ආයතන සම්බන්ධීකරණයකින් ක්‍රියාත්මක වීමේ වැදගත්කම ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය පෙන්වා දෙයි

    නොවැම්බර් 15, 2022

    ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන ආයතන සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රියාකිරීමේ වැදගත්කම පිළිබඳව ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ අවධානය යොමු විය.

    ළමයින් සඳහා වන පාර්ලිමේන්තු පසුගියදා (08) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳ සාකච්ඡා විය.

    ශ්‍රී ලංකාවේ ළමා ආරක්‍ෂාව සම්බන්ධයෙන් ක්‍රියා කරන විවිධ ආයතන මුහුණ දෙන අභියෝග හා ගැටලු හඳුනාගෙන අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කර ගෙන ඒවාට විසඳුම් ලබා ගැනීම සහ අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම සහතික කිරීමේ අරමුණින් මෙම රැස්වීම සංවිධානය කර තිබුණි.

    ඒ අනුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මුල් ළමාවිය සංවර්ධන පිලිබඳ ජාතික ලේකම් කාර්යාලය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සහ පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය යන ආයතනවල කටයුතු සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අභියෝග සහ ගැටලු පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීම් මෙහිදී සිදුකෙරුණි. මෙයට අමතරව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරිණි.

    අදාළ ආයතනවල පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු, ගොඩනැගිලි අවශ්‍යතා, වාහන අවශ්‍යතා ඇතුළු යටිතල පහසුකම්වල පවතින අඩුපාඩු පිළිබඳව එහි පැමිණි සිටි නිලධාරීන් අදහස් දැක්වූහ.

    ළමා ආරක්ෂක අධිකාරියේ තනතුරු 618න් තනතුරු 284ක් පුරප්පාඩු වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර ඒ පිළිබඳව විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා දැනුවත් කර පුරප්පාඩු පිරවීමට කඩිනම් පියවර ගන්නා ලෙස කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්වරයාට සංසදය උපදෙස් ලබා දුන්නේය.

    මෙරට දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම, ප්‍රමාණවත් සෞඛ්‍ය රැකවරණයක් ලබාදීමට, පවතින සම්පත් හා නිලධාරීන් වඩාත් කාර්යක්ෂම කිරීම, ප්‍රජා පාධක විශෝධන, ළමා අපචාර සිද්ධීන් පිළිබඳ මාධ්‍ය වාර්තා කිරීමේදී සලකා බැලිය යුතු කරුණු පිලිබඳව ද මෙහිදී සාකච්ජා විය.

    මෙහිදී අදහස් දක්වමින් සංසදයේ සභාපතිනි රෝහිණී කුමාරි විජයරත්න මහත්මිය පැවසුවේ, මෙහි ඉදිරිපත් කර ඇති අදහස් හා ගැටලු සම්බන්ධයෙන් අදාළ පාර්ශ්වයන් සංසදය හමුවට කැඳවා විසඳුම් ලබා ගැනීමට පියවර ගන්නා බවයි.

    මේ අතර, මුල් ළමාවිය අධ්‍යාපනය පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස්කර ඇති බව මෙහිදී අනාවරණය විය.මය පළාත් හා ජාතික වශයෙන් පවතින්නා වූ විව්ධතා හා සමානතා සැලකිල්ලට ගනිමින් මුල්
    ළමාවිය අධ්‍යාපනය වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාවය සපුරා ගැනීමට, නෛතික රාමුවක් තුළ සකස් කර තිබීම විශේෂත්වයකි.

    තවද, 2019 දී සකසා අවසන් කරන ලද ළමා ආරක්ෂණය පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ළමා ආරක්ෂණ සඳහා පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්මක් (2023 - 2027) සකස් කර ඇති බවද මෙහිදී සඳහන් කෙරිණි.


    මෙම රැස්වීමට, සංසදයේ උප සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ සහ වේලු කුමාර්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, අමාත්‍යවරුන් වන ගරු ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තලතා අතුකෝරල, චන්දිම වීරක්කොඩි, ජේ.සී. අලවතුවල, අශෝක් අබේසිංහ, මයන්ත දිසානායක, රජිකා වික්‍රමසිංහ, වීරසුමන වීරසිංහ, පාර්ලිමේන්තුවේ සහකාර මහා ලේකම් ටිකිරි කේ. ජයතිලක යන මහත්ම මහත්මීහු සහ අදාළ ආයතන වල උසස් නිලධාරීන් සහභාගී විය.
    තවද, අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා සහ මුදිතා ප්‍රශාන්ති මහත්මිය සංසදයේ සභාපතිනියගේ අවසරය මත රැස්වීමට සහභාගි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya