2023 විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයේ පළමු දිනය වන අද (15) විවාදයට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රටේ මූල්‍ය පාලනය අධීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැඩි අවස්ථාවක් තිබිය යුතු බවයි. එසේ නොමැතිවීමේ ප්‍රතිඵල ලෙස වර්තමාන ආර්ථික අර්බුදය නිර්මාණය වී තිබෙන බව අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රටේ මූල්‍ය පාලනය අධීක්ෂණය කිරීම සඳහා මූල්‍ය පාලන ආයතනයක් පිහිටුවිය යුතු බවට තමා මීට වසර 15කට පෙර සිට ඉල්ලීම් කළ බව අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ,
මෙවර අයවැය කඩා වැටුණු රටක යන්තම් හෝ බලාපොරොත්තු කිහිපයක් ඉතිරි කර ගෙන රට ගොඩ ගැනීමේ අදහසින් ඉදිරිපත් කළ අය වැයක්. මුදල් අමාත්‍යවරයා , හෝ අමාත්‍යංශ ලේකම්වරු මාරු වන විට රටේ නීති වෙනස් වන නිසා රටක ආර්ථික ස්ථාවර භාවයක් ඇති කරන්න අමාරුයි, මේ රටේ මූල්‍ය පාලනය පිළිබඳ තනි බලය ලබා දී තිබෙන්නෙ පාර්ලිමේන්තුවට. එහෙත් පාර්ලිිමේන්තුවෙදී අධීක්ෂණයකින් තොරව ඔීනෑ තරම් වංචා දූෂණ සිදු වනවා. එම කටයුතු පාර්ලිමේන්තුව පැහැර හැර ඇති නිසා තමයි රටේ ආර්ථිකය මේ විදියට කඩා වැටුනේ. රට වැටීගෙන ආ වේගයට මේ තරමින් හෝ ප්‍රජාත්‍රන්තවාදය ඉතිරි වීම ගැන අප සතුටු වුණා.
දුෂණය වැළැක්වීම සම්බන්ධයෙන් මෙවර අයවැයෙන් අවධානය යොමු කර නැති බවට විපක්ෂය සිදු කරන චෝදනාව සම්බන්ධයේන් පිළිතුරු දුන් අධිකරණ අමාත්‍යවරයා මෙසේ පැවසීය
දූෂණය බරපතල කාරණයක්, මේ රටේ හැම තැනම ජාවාරම්කාරයෝ , කලු සල්ලි කාරයෝ ඉන්නවා. කලු ජාවාරම්කාරයින්ට යට වෙලා මේ රටේ බදු ප්‍රතිපත්තිය වෙනස් කළා.
දූෂණය නැවැත්වීමට අප පියවර ගන්නවා. දූෂණ විරෝධී පනත මේ වන විට කෙටුම්පත් කර තිබෙනවා. ඉදිරියේ දී එම පනත සම්මත කර ගැනීමටත් නව අල්ලස් හා දූෂණ කොමිසමක් ආරම්භ කිරීමටත් කටයුතු කරනවා.
ඉදිරියේදී මැතිවරණ වලදී මුදල් වියදම් කරන විට ඒ පිළිබඳ ගණන් හිලවු සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා වගකීම භාර ගත යුතු වන පරිදි නීති සම්පාදනය කරන බවද අධිකරණ අමාත්‍යවරයා කිය.