අයවැය දෙවනවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
තවදුරටත් විවාදයේ අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
මෙවර අයවැයේ ප්‍රමුඛ කරුණු අතර සමාජ සුබ සාධනය සඳහා මූලිකත්වය ලබා දුන් බව එහෙත් සහණාධාර මත යැපෙමින් පමණක් රටක් දියුණු කර නොහැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
යුද්ධයෙන් පසුව ජපානය බිංදුවට වැටුණා. ඔවුන් දියුණු වුණේ රාජ්‍ය සේවකයන් දේශපාලකයන් මෙන්ම මහජනතාවත් හොඳින් කැප වීම නිසා .අපේ වගකීම හා වගවීම හදන්නේ නැතිව කවදාවත් ඉදිරියට යන්න බෑ. ඒ සඳහා ක්‍රියාත්මක වන ව්‍යූහයක් හදන්න මෙවර අයවැයෙන් උත්සාහ කර තිබෙනවා. යම් අපහසුතාවයකින් සිටි පුද්ගලයෙක්ට ආර්ථික වශයෙන් නැගී සිටීමට අත දී , සහනාධාර මතම යැපෙන තත්වයෙන් ඔවුන් මුදවාලිය යුතු බවද අමාත්‍යවරයා කීය.
උද්ධමනය පහළට ගනිමින්,පොළී අනුපාත අඩු කර ජනතාව නැවතත් ආයෝජන සඳහා එකතුකර ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද මෙවර අයවැයෙන් අවධානය යොමු කර තිබේ.
කවුරුත් කැමැත්තකින් බදු කියන බර ජනතාවට පටවන්නෙ නැහැ. ඩොලර් බිලියන 51ක ණය ක් අපට ගෙවීමට තිබෙනවා. මෙම ණය බරින් නිcහස් වී ඉදිරියට යාමට නම් ඉදිරියේදී යම් වෙනසක් සිදු විය යුතු බව ද අමාත්‍යවරයා පැවසීය.
මේ රට ගොඩ ගැනීමට නම් රටේ ජනතාව වැඩ කළ යුතු බවත්,දේශපාලඥයෝ ,රාජ්‍ය සේවකයෝ වගේම මහජනතාවත් වැඩ කළ යුතු බවත් එවිට පමණක් රට දියණු කළ හැකි යැයිද අමාත්‍යවරයා කිය.