අද (15) අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අපනයන කරුවන් දිරි ගැන්වීම සඳහා ඉන්ධන කෝටාව අඛන්ඩව ලබා දෙමින්, අඛන්ඩව විදුලිය ලබා දෙමින් , ශ්‍රමිකයින් සඳහා සහන ලබා දීමේ වැඩපිළිවෙළවල් ගණනාවක් මෙවර අයවැයෙන් හඳුන්වා දී තිබේ.
මෙරට තිබෙන ඉපැරණි කම්කරු නීතිය , අපනයනකරුවන් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවක් බවත් ඒ සඳහා වරින් වර සංශෝධන ගෙනැවිත් ඇති බවත් කීය. එම නිති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙවර අයවැයෙන් සාකච්ඡා කර තිබේ.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,
අර්බුදයෙන් ගොඩ යා හැකි හොඳ දැක්මක් , මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටත් ඇතැම් කණ්ඩායම් සිටිනවා, රට වට්ටලා ආණ්ඩුව වට්ටලා බලය ලබා ගැනීමට. බලය ඉන්න ආණ්ඩුව වැට්ටීම කියන්නේ රට වැට්ටීම බව කියා ඒ අය දන්නේ නැහැ.
අරගල උද්ඝෝෂණ සිදු කර ලෝකයේ තිබෙන කලු පැල්ලමක් ඇති කර මේ උත්සාහ කරන්නේත් බලය අල්ලාගන්න. එහෙත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙය හොඳින් කළමණාකරණය කරමින් ඉදිරියට යනවා.