අද(15) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
බදුල්ල රජ මාවත සංවර්ධනය සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේය.
අර්බුධකාලී වාතාවරණයකට පසු මෙවැනි අයවැයක් ඉදිරිපත් කිරීම ට හැකි වීම සම්බන්ධයෙන් අප සතුටු විය යුතු බවද අමාත්‍යවරයා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,
මීට මාස 06කට කලින් මේ රට තිබූ තත්වය අපි දන්නවා. තරුණයෝ පාර්ලිමේන්තුව වට කළා. රටේ හැම තැනම උද්ඝෝෂණ . එම තත්වය පාලනය කළ හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටයි. අද වන විට එම තත්වය වෙනස් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ගෞරවය හිමි වෙනවා.එහෙත් සියයට සියයක් මේ ප්‍රශ්නය විසඳුනා කියන්න බැහැ. යාන්තම් මුනුෂ්‍යයකුට හුස්ම ගැනීමේ හැකියාව ලැබුණේ වත්මන් ජනාධිපතිවරයා නිසා.
ඒ සඳහා තව ඉදිරියටත් මේ සඳහා ජනාධිපතිවරයාට සහය ලබා දිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අපි කවුරුත් එතුමාගේ කකුලෙන් අදින් නැහැ. රාජපක්ෂලා හෝ කිනම් පක්ෂයක් වුවත් ඇමැතිකම් නැති වුණා හෝ වරප්‍රසාද නැති වුණා කියා හෝ කකුලෙන් අදින් නැහැ. මෙතන සිටින ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු කියන්නේ ජනාධිපතිවරයාට මේ සඳහා සහාය දිය යුතු බවයි.