රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද (15) පැවති ‘2023 - අයවැය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාව එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
දැනට ලාභ ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා වී ඇත්නම් ඒ මෙතෙක් ලැබූ ලාභයට වඩා කිහිප ගුණයක ලාභයක් ලබාගැනීමට බවත්, පාඩු ලබන ආයතන යෝජනා වී ඇත්තේ ඒවායේ පාඩුව වෙනුවට ලාභ ලබාගැනීම සඳහා සකස් කිරීමට බවත්, අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.
රජය ව්‍යාපාර කිරීම දිගම කළයුතු නැති බවද ව්‍යාපාර කිරීම පුළුල් කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම ප්‍රතිව්‍යාහගත කිරීම කෙටි කාලයක් තුළදී කළ හැක්කක් නොවන බවත්, එය කෙටි කාලීන මෙන් ම දිගු කාලීනවද ඇති කළ යුතු තත්වයක් බවත්, මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් ලබාගැනීමටද රජය කටයුතු කරන බවත්, මහජනතාවගේ මතයද ප්‍රතිව්‍යුගත කිරීම වෙනුවෙන් යොදාගන්නා බවත්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙහිදී ලාභ ලබන රාජ්‍ය ආයතන විකිණීම සිදුකරන්නේ යැයි විපක්ෂය හා විවිධ පාර්ශව රජය වෙන නගන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය විමසූ විට අමාත්‍යවරයා පැවසුවේ ලාභ ලබන ආයතනද මෙම ලැයිස්තුවේ ඇති බවත්, එම ආයතන මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ලැයිස්තුවට ඇතුළත් කර ඇත්තේ විවිධ පාර්ශව පවසන අයුරින් ලාභ ලබන ආයතන විකිණීමේ අරමුණින් නොව එම ආයතන මෙතෙක් ලැබූ ලාභයට වඩා වැඩි ලාභයක් හා අනෙකුත් ප්‍රතිලාභ ලබාගැනීමට බවත්,අමාත්‍යවරයා පැවසීය.
රජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්ප්‍රදායක සීමාවෙන් ඔබ්බට යෑම වෙනුවට සාම්ප්‍රදායෙන් ඔබ්බට ගමන් කර ආයෝජකයන් අවධානය යොමුකර ඇත්නම් එම ආයතනද ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යෝජනා වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.