2023 අයවැය පිළිබද දැනුවත් කිරීම සදහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදියෙකු විසින් නඟන ලද පැනයකට පිළිතුරු වශයෙනි.
ඒ අනුව විදේශ ගතවන ශ්‍රමිකයින් සදහා අවශ්‍ය පුහුණුව ඉදිරියේ දී වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ඵලදායී, දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ලෙස ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පුහුණු කිරීමටත්, ලෝකයේ ශ්‍රම වෙළදපොලට ගැලපෙන පරිදි ශ්‍රමිකයින් බිහි කිරීම සදහා වන අධ්‍යාපනයේ වෙනස්කම් සිදු කිරීමටත්, ඒ අතරම තෘතීය අධ්‍යාපනය හරහා දේශීය හා ලෝක වෙළදපොලට ගැළපෙන ශ්‍රමිකයෙක් බිහි කිරීමට අවශ්‍ය කටයුතු කරන බවත් මෙහි දී ප්‍රකාශ කළේය.
ඒ අනුව, මෙතෙක් කල් අප රටට නොතිබුණ ශ්‍රම වෙළපොල සම්බන්ධයෙන් රජය විසින් අධ්‍යයනය කරමින් සිටින බවත්, ඒ සඳහා මානව සම්පත් දෙපාර්තමේන්තුව අවශ්‍ය කරන පාඨමාලා යෝජනා කර ඇති බවත්, එම යෝජනා වෘත්තීය අධ්‍යාපනය ලබාදෙන ආයතනවලට ලබා දීමට කටයුතු කර වෘත්තීය පුහුණු අමාත්‍යාංශයත් දිවයිනේ තිබෙන තියෙන පුහුණු ආයතනයත් සියල්ල එක්ව, අලුත් ආකාරයට ලෝකයට ගැලපෙන ශ්‍රම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් මෙහි දී අවධාරණය කළේය.
එමෙන්ම, කල්පැනපු කම්කරු නීති වෙනුවට නූතන වැඩලෝකට ගැළපෙන නව කම්කරු ප්‍රතිපත්ති සකස් කිරීමටත් කටයුතු කළ යුතු බව මෙහි දී අවධාරණය කළ හෙතෙම විදෙස්ගත වන ශ්‍රමිකයන් පුහුණු කිරීමට අවශ්‍ය මුදල් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවත්, එමඟින් ලොකයේ ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය ලෙස ශ්‍රමිකයා නිර්මාණය කිරීමේ වැඩපිළිවෙලට මූලික අනුබලය මෙවර අයවැයෙන් ලබාදී තිබෙන බවත් පැවසීය.
තවද, රටේ කම්කරුවාගේ ඵලදායිතාවය, ආයෝජනවල ඵලදායිතාවය, රටේ සම්පත් ඵලදායී ලෙස යොදා ගන්නවාද යන්න ගැන කටයුතු කිරීම සදහා ඵලදායීතා කොමිසමක් පත් කර එමගින් රටේ සියලුම ව්‍යාපෘතීන්වල ඵලදායිතාවය මේ හරහා අධීක්ෂණය කිරීමට හා රාජ්‍ය විසින් සිදුකරන සියලුම ආයෝජනවල ඵලදායිතාවය පිළිබදව සොයා බැලීමට ඵලදායිතා කොමිසම හරහා ක්‍රියාත්මක කරන බවත් මෙහි දී සඳහන් විය.
යල් පැන ගිය කම්කරු නීතිවලින් ඵලදායිතාවය, කාර්යක්මතාවයට, තරගකාරීත්වයට කිසිදු සහායක් නොලැබෙන අතරම ඒවා නූතන වැඩ ලෝකයට නොගැලපෙනවා මෙන්ම ව්‍යසායකයින්ට අනවශ්‍ය බරක් ද වේ. එහෙයින් ඵලදායිතාවය මූලික කරගත් ක්‍රමවේදයකට යාමට මෙකී නීති මගින් බාධා පැමිණෙන හෙයින් ද මෙරටේ කම්කරු නීති බොහෝමයක් දේශපාලනය පදනම් කරගෙන තනා ඇති බැවින් ද ඇති නිසා ආයෝජකයාට හිතකර, කම්කරුවා ආරක්ෂා කරන ආකාරයට අවශ්‍ය එක් කම්කරු නීතියක් සදිමටත්, කම්කරුවාගේ ආරක්ෂාව සහතික කරන අතරම ආයෝජකයින් දිරි ගැන්වීමටත් මේ මඟින් කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය.
මෙවර අයවැය තරුණයා ඉලක්ක කරගත් සංවර්ධිත් රාජ්‍යයක් බවට ගෙන යෑමේ මූලික පියවරක් වන බවත් සඳහන් කළ හෙතෙම මේ වැඩපිළිවෙල සමඟ එකතුවීමට පක්ෂ විපක්ෂ සියලු දෙනාම එක්වන් ලෙසත් මෙහි දී ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
''පුද්ගලික අංශයේ කම්කරුවන් සදහා සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දෙනවා. ඒ අනුව කම්කරුවන්ගේ රැකියාව අහිමි වුනොත් මාස තුනක් දක්වා වැටුප් ලැබෙනවා. රෝගාබාධ ඇතිවූ විට ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය දායකත්වය ලබාදෙනවා''යැයි ද කීවේ ය