මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මේ බව පැවසුවේ මහ බැංකු පරිශ්‍රයේ “2023 ජාතික අයවැය පිළිබඳ පශ්චාත් අයවැය සංසදය යන මැයෙන්” (15) පැවති විශේෂඥ මණ්ඩල සාකච්ඡාවට එක්වෙමිනි.
පෞද්ගලික අංශය හා සහ සම්බන්ධිතව සියලු දෙනාටම අවස්ථා හිමිවන ආර්ථිකයක් ඇතිකරගැනීමටද මෙම අයවැය යොදාගත් බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක කළයුතු සියලු යෝජනා ක්‍රියාත්මක කිරීමට රජය සියලු උත්සාහයන් දරන බවත් මහින්ද සිරිවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
පුද්ගලික අංශය මේ සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරනු ඇති බවත්, අයවැය තුළින් ඉතිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් සිය දායකත්වය සපයනු ඇති බව තමන් විශ්වාස කරන බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එහිදී පැවසීය.