මෙම පිරිස පාර්ලිමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වූ අතර පසුව කථානායක මහින්ද යාපා මහතා සමග සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සමග සුහද පිළිසඳරක යෙදුණි.
මෙහිදී ඔවුහු පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රමය පිළිබඳව කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා සමග සුහද සාකච්ඡාවක නිරත වූහ. එසේම පාර්ලිමේන්තුවේ පිහිටීම, ඓතිහාසික වටිනාකම සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව ද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා විසින් මෙම පිරිසට පැහැදිලි කරන ලදි.
ඉන් අනතුරුව මෙම පිරිස කථානායකවරයා සහ මහ ලේකම්වරයා සමග දිවා භෝජනයටද එක් වූහ.
එසේම මෙම හමුව සඳහා USAID ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ (ශ්‍රී ලංකා සහ මාලදිවයින්) ගේබ්‍රියල් ෆර්නෑන්ඩෝ ග්‍රේව් මහතා සහ NDI ආයතනයේ මෙරට අධ්‍යක්ෂිකා තුසිතා පිළපිටිය මහත්මියද සම්බන්ධ වූහ.