ඊයේ (15) පාර්ලිමේන්තුවේ පැවති අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසිය.
රජයට ආදායම් අවශ්‍ය අවස්ථාවක මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිහිපදෙනෙක් මේ සම්බන්ධයෙන් යෝජනා කළ බවත් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම එම මන්ත්‍රීවරුන්ටද වැදගත් බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ අනුව කතානායකවරයාගේ අවසරය මත එළඹෙන මුදල් අමාත්‍යංශ වැය ශීර්ෂය ඉදිරිපත් කරන දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෙම ආදායම් බදු ලිපිගොනුවක් විවෘත කිරීමේ වැඩසටහන ආරම්භ කරන බවද කිය.
දේශීය ආදායම් , රේගුව, සුරාබදු යන බදු ගෙවන ප්‍රධාන ආයතන තුන සම්බන්ධකරගෙන බදු ගෙවීම සම්බන්ධයෙන් සිදු කළ විශේෂ වාර්තාවක් සකස් කළ බවත් එම වාර්තාව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සභාගත කළේය.