වරප්‍රාසාද ප්‍රශ්නයක් නගමින් අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.
පසුගිය මාර්තු මාසයේ සිට රටේ උද්ගත වූ දේශපාලන සහ ආර්ථික තත්වයන් සහ එවකට රජයේ පැවති අක්‍රිය භාවය නිසා ස්වාධීන මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කළ බවත් තමා මේ වන විටත් විරුද්ධ පක්ෂයේ ස්වාධින මන්ත්‍රීවරයෙකු වශයෙන් ක්‍රියා කරන බවත් රජයේ හොඳ වැඩ වලට සහය දෙමින් කටයුතු කරන බවද කීය.
2022.නොවැම්බර් 14 දින එවැනි කිසිදු සාකච්ඡාවකට තමා සහභාගී නොවූ බවත් කිසිම පක්ෂයකට සහාය ලබා දීමට මෙතෙක් තීරණය කර නැතැයිද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.