පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    වැවිලි කර්මාන්තයේ ආදායම බොරුනම්, ඇමතිධූරයෙන් ඉල්ලා අස්වෙනවා

    නොවැම්බර් 16, 2022

    වැවිලි කර්මාන්තයෙන් ඉතිහාසයේ වැඩිම ආදාම ලැබුණේ පසුගිය වසරේ බවත් එය ඩොලර් බිලියන 3.8ක් බවත් එය බොරුවක් නම්,අමාත්‍යධූරයෙන් ඉවත්වන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (16) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    අද වන විට තේ කර්මාන්ත ශාලා වැසී තිබෙන බවත් එසේ නොමැති බව පවසන්නේ කෙසේදැයි විපක්ෂනායකවරයා ප්‍රශ්න කළේ ය

    ඉතිහාසයේ වැඩිම වැවිලි කර්මාන්තවල ආදායම පසුගිය වසරේ ලැබුණා.එය ඩොලර් බිලියන 3.8ක්. කොරෝනා මැද්දේ අපි එක තේ කර්මාන්තශාලාවක් වැසුවේ නෑ. 2022 ලෝක යුද තත්ත්වය නිසා වෙළඳපොළේ යම් ගැටළුවක් ඇතිවිය හැකියි.සමහර ඉල්ලුම් අඩුවී තිබෙනවා. වැවිලි කර්මාන්තයේ දියුණුවට රජයක් ලෙස සියලු සහයෝගය ලබාදී තිබෙනවා.ප්‍රතිඵල දත්තවල තිබෙනවා. රටට සල්ලි ලැබිලා තිබෙනවා. මේ වසරේ අපිට ඩොලර් බිලියන 3.05 ත් 4ත් අතර මුදලකට යන්න පුළුවන්. එය අඩු වුණොත් අඩුවෙන්නේ, අපේ වරදින් නොවේ. ලෝකයේ පවතින ආර්ථික අපගමනය, යුද තත්ත්වය නිසයි.

    දත්ත සහිතව පෙන්වා දුන්නා. ගිය වසරේ තේ කිලෝ මිලියන 299ක්.මේ වසරේ සැප්තැම්බර් අවසන් වනවිට තේ නිෂ්පාදනය කිලෝ මිලියන 192ක්.මේ දත්ත ගන්නේ ලංකාවේ තේ වෙන්දේසියෙන්. රමේෂ් පතිරණට ඕන ඒවා නොවෙයි.

    විපක්ෂයේ සහයෝගයත් කර්මාන්තයේ දියුණුවට ලබාදෙන්න. ඉතිහාසයේ වැඩිම තේ මිල ලැබුණේ,අපේ කාලයේ දී .එය සියයට 360ක වැඩිවීමක්. තේ කිලෝව අද 290ක්. තේ කර්මාන්තයේ ගැටළු දෙස සාධණීය ලෙස බලනවා. අපේ තේ කර්මාන්තය අවතක්සේරුවට ලක් කරන්න එපා. තේ සඳහා බහුවිධ කාරණා බලපා තිබෙනවා.මෙය අවතක්සේරු කරන්න එපා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya