පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගයෙන් අඩු ආදායම්ලාභී ගොවි පවුල් වෙත යූරියා පොහොර නොමිලේ  

    නොවැම්බර් 16, 2022

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සහයෝගයෙන් අඩු ආදායම්ලාභී ගොවි පවුල් වෙත යූරියා පොහොර නොමිලේ  

    එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට වී වගාවට අවශ්‍ය යුරියා පොහොර නොමිලේ ලබා දීම සඳහා මෙ. ටො. 780.1ක් ඊයේ (16) කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දී ඇත.

    කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම පොහොර තොගය නිල වශයෙන් බාර ගත් අතර එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවීධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත Hannah Singer මහත්මිය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නියෝජිත විම‌ලේන්ද්‍ර ශරන් හා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

    මෙම වැඩපිළිවෙල යටතේ තවත් දිස්ත්‍රික්ක 04ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් සඳහා යුරියා පොහොර ලබා දෙන අතර ඒ අනුව එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 9,300ක් ලබා දීමට නියමිතය. ඒ අනුව එක් ගොවි පවුලකට යුරියා කිලෝ ග්‍රෑම් 50ක් බැගින් නොමිලයේ ලබා දීමට කටයුතු යොදා තිබේ.

    මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් දක්වමින් කියා සිටියේ මෙම මහ කන්නයේ දී ලෝක බැංකුව යුරියා පොහොර මිල දී ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන ලබා දුන්බවයි. එමෙන්ම එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, (USAID),හා ආසියානු සංවර්ධන බැංකුව ද ශ්‍රී ලංකාවේ වී හා බඩඉරිඟු වගාව ඉහළ නැංවීම සඳහා විශාල සහයෝගයක් ලබා දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.

    මෙහිදී අදහස් පළ කළ විමලේන්ද්‍ර ශරන් මහතා, එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සෑම විටම ශ්‍රී ලංකාවේ ජනතාව උදෙසා අවශ්‍ය සහයෝගය ලබා දෙන බව සඳහන් කළ අතර හැනා සිංගර් මහත්මිය ආර්ථික අර්බුදයේ අවදානම් සහගත බලපෑම අවධානය යොමු කර ශ්‍රී ලංකාවේ ජනතාව වෙත බහු ආංශික සහයෝගය ලබා දීමට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් 2022 වසරේ ජුනි මාසයේ සිටම කටයුතු කළ බ වද සදහන් කර ඇත.
    කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා දිස්ත්‍රික් 04ක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වෙත යුරියා පොහොර ලබා දීම සම්බන්ධව අමාත්‍යංශය වෙනුවෙන් කෘතඥතාවය පළ කර තිබේ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya