අයවැය දෙවැනිවර කියවීමේ දෙවන දින විවාදයට එක්වෙමින් අමාත්‍යවරය මේ බව පැවසීය.
සාම්ප්‍රදායික ලෙස ආණ්ඩුවේ වැඩපිළිවෙළ අඛණ්ඩව විවේචනය කළහොත් එහි ප්‍රතිඵල අත්විදීමට සිදු වන්නේ ජනතාවටම බවද අමාත්‍යවරයා පැවසීය.
සිංහල, දෙමළ මුස්ලිම් කියන්නේ නැතිව අපි ශ්‍රී ලාංකිකයන් කියලා වැඩ කරන්න කාලයක් උදා වී ඇතැයිද අමාත්‍යවරයා කිය.
මෙරට කෘෂිකර්මාත්නය සඳහා උතුරු ප්‍රදේශයේ ජනතාව විශාල දායකත්වයක් ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. උතුරු ප්‍ර දේශයේ ජනතාව ඉතාම දක්ෂ කණ්ඩායමක්,රටේ ආර්ථිකය ගොඩ නගන්න විශාල කැපවීමක් එම ජනතාව කරනවා. ඒ සඳහා අපි සහයෝගය ලබා දෙනවා.
ජාතික ප්‍රශ්නය සැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා. සාකච්ඡා මාර්ගයෙන් එම ගැටළුව විසඳා ගත හැකි හොඳම පාර්ලිමේන්තුව මෙයයි. වව්නියාව ප්‍රදේශයේ හොඳ උන්දු වගා කරන්න පුළුවන් , අපි මේ සඳහා මැදිහත් වෙන්නම්,
මෙවර උඳු අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 14,400ක් . එයින් වැඩි අස්වැන්නක් ලැබී තිබෙන්නේ උතුරු ප්‍රදේශයේයි. පසුගිය වසරේ කුරක්ක්න් ආනයනය සඳහා පමණක් මිලියන 84ක මුදලක් වැය වී තිබෙනවා. මුං ඇට ආනයනය සඳහා මිලියන 1253 ක්, කව්පි ආනයනයට මිලියන 598, තල ආනයනය සඳහා මිලියන 735ක් මේ වසරේ සැප්තැම්බර් දක්වා පමණක් වියළ මිරිස් ආනයනය සඳහා රුපියල් මිලියන 18405 වැය වී තිබෙනවා. මෙම භෝග දේශීයව නිෂ්පාදනය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කර යුතු යැයිද අමාත්‍යවරයා පෙන්වා