අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ අය වැය විවාදයට 16 දින එක්වෙමිනි.
පවතින රජය ඒකාබද්ධ වූ සභාග ආණ්ඩුවක් බවත්, පොදුජන පෙරමුණ, එ.ජා.ප., ම.එ.පෙ., ශ්‍රීලනිප කොටස්, ඊපීඩීපී ආදි පක්ෂ රැසක් එක්වී සභාග ආණ්ඩුවක් ගොඩනැගුවේ රට ගොඩගැනීමට බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, එම අරමුණට යාමේ වැඩපිළිවෙළට බාධා නොකර අය වැයට සහය දෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම, පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන ලෙස ආචාර්ය හර්ෂද සිල්වා පාර්ලිමේන්තුවේදී 2022.11.15 කළ ප්‍රකාශයටද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේය.
ශ්‍රී ලංකා ව්‍යවස්ථාව අනුව වාර මැද මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බව ඔහු අවධාරණය කළේය. එක්සත් ජනපද ඇමරිකාවේ සෙනෙට් මණ්ඩලයේ නියෝජිතයන්ගෙන් තුනෙන් එකක් වාර මැද අතුරු මැතිවරණවලින් පත් කරගත හැකි වුවත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ එවැන්නක් නොමැති බව ඔහු පැවසීය. මේ නිසා වගකීමක් නොමැති ප්‍රකාශ කර ජනතාව නොමග නොයවන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙස අය වැය ඉදිරිපත් කරන අවස්ථාව, රට ලොකු ම අර්බුදයක සිටින අවධියක් බව අමතක නොකරන ලෙස පැවසූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, සමාජ - ආර්ථික -දේශපාලන ක්ෂේත්‍ර ආවරණය කරමින් ජනාධිපතිවරයා ඉතිහාසයේ වැදගත් ම අය වැයක් ඉදිරිපත් කිරීමේ මාවතට පිවිස ඇතැයි සඳහන් කළේය.
රාජ්‍ය සංස්ථා 150ක් පමණ සිය වාර්තා තවමත් පාර්ලිමේන්තුවට එවා නොමැති බවද ඔහු කීය. රජයට අයත් භූමි භාගයන් ගැන යළි සොයාබැලීමට ගත් තීරණය, එඩිතර පියවරක් බවද, වගා කළ හැකි බිම් වගාව සඳහා යෙදවිය යුතු බවද, කාන්තාවන් හා තරුණයන් සවිබල ගැන්විය යුතු බවද, ඔහු ප්‍රකාශ කළේය. ඇති නැති පරතරය අඩු කිරීම සඳහා සමාජ ආරක්ෂණයට අය වැයෙන් පියවර ගෙන ඇති බවද ඔහු කීය. ඉතිරි විශ්‍රාමිකයන්ටත් අග්‍රහාර රක්ෂණය ලබාදෙන බවද ඔහු පැවසීය.