ප්‍රතිලාභ ඉල්ලා සිටින පවුල් ලක්ෂ 38ක් බලා ගැනීමේ වගකීම රජයට ඇති බවත් එම වගකීමත් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර අයවැය ඉදිරිපත් කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අයවැය දෙවන වර කියවීමේ දෙවන දිනය වන අද(16) විවාදයට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයා;
රට වෙනුවෙන් ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන්ගේ පවුල් වලට ලබා දෙන ආධාර මුදල් නැවත්විය නොහැකි බවත් ඔවුන් බලා ගැනීම රජයේ වගකීමක්.
ගොවි ජනතාවට පොහොර ලබා දීමේ වැඩසටහන සඳහා මිලියන 55,000ක් වෙන් කර පොහොර ලබා දීමේ වැඩපිළිවෙළ අඛන්ඩව ඉදිරියට ගෙනියනවා. අද විදේශ ශ්‍රමිකයන් මුදල් එවද්දි කියනවා, දැන් ඩොලර් එවන්න එපා කියලා, ඒ පීඩනය එන්නේ මේ රටේ අහිංසක ජනතාවට.
වයඹ , හම්බන්තොට , ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් ආයෝජන කළාප පිහිටුවීම, ජාතික පළදායිතා කොමිෂන් සභාවක් ඇති කිරීම, නව කම්කරු ප්‍රතිපත්තියක් ගෙන ඒම වැනි කාරණා රාශියක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ වැඩපිළිවෙළ මේ වන විට පියවරෙන් පියවර තියා ගෙන යනවා.මහජන සුබ සාධනය වෙනුවෙන් තමයි මෙවර අයවැයෙන් වැඩිපුර මුදලක් වෙන් කර තිබෙන්නේ''යැයි පැවසීය.