ඉදිරි දවස් කිහිපයේ දී මෙම පාර්ලිමේන්තුව තුළ එවැනි සාකච්ඡාවක් ඇති වේ යැයි තමා විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.
අයවැය දෙවන වර කියවීමේ දෙවන දිනය වන අද (16) විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
සර්ව ආර්ථික රාමුව ශක්තිමත් කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ යෝජනා මාලාවක් මෙවර අයවැයේ ඇතුළත් බවත් මේ රටේ තිබෙන අර්බුද ක්‍රමානුකූලව විසඳා නොගෙන ආර්ථික දියුණුවක් ගැන කතා කළ නොහැකි බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යෝජනා , සමාජ ආරක්ෂණය සඳහා වන යෝජනා,රාජ්‍ය වියදම කළමණාකරණය සඳහා වන යෝජනා , රාජ්‍ය ආදායම කළමනාරකරණය, ණය කළමනාකරණය ආදිය සඳහා වන යෝජනා මාලාවක් මෙවර අයවැයේ ඇතුළත් වී තිබේ.
''මෙම අයවැය සාම්ප්‍රදායික අයවැයක් නොවේ.විසිල් ගැහිලි බල්ටි ගැහිලි මෙවර අයවැයේ ඇතුළත් නැහැ.දේශපාලක්ඥයෝ කියන්නේ මැජික් කාරයෝ නෙමේ. රාජ්‍ය ආයතන තුළ වියදම් අඩු කිරීමේ ක්‍රමවේදයක් නිලධාරින් සොයා ගත යුතු වෙනවා'' යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.