පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    සෙස් බදු සංශෝධනයෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල කිසිදු ආකාරයකින් ඉහළ යන්නේ නෑ - මුදල් රාජ්‍ය අමාත්‍ය  

    නොවැම්බර් 16, 2022

    සෙස් බදු සංශෝධනය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යා¬මේ කිසිදු හැකියාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, අත්‍යාවශ්‍ය භාණ්ඩ මත අය කරනු ලබන්නේ රේගු බද්ද හෝ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වන අතර ඒවා කිසිදු සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක වන බවයි. අයිතම 120කින් සමන්විත අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවේ කිසිදු භාණ්ඩයක් සෙස් බද්දට යටත් නොවන බව අමාත්‍ය සියඹලාපිටිය මහතා පෙන්වා දෙයි.

    “1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත මගින් හඳුන්වා දුන් සෙස් බද්දේ අරමුණු දෙකක් තියෙනවා. එකක් මෙරට නිෂ්පාදනය කිරීමේ හැකියාව පවතින භාණ්ඩ රැක ගැනීමේ අරමුණෙන් ආනයනික භාණ්ඩ මත බද්දක් අය කිරීම. අනෙක අගය එකතු නොකොට අපනයනය කරනු ලබන භාණ්ඩ අධෛර්යමත් කිරීම සඳහා බද්දක් අය කිරීම. මේ බද්දෙන් ලැබෙන ආදායම් යොමු වෙන්නේ අදාළ කර්මාන්තවල සුබ සිද්ධිය වෙනුවෙන් ''යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

    සෙස් බද්ද අය කරනු ලබන්නේ භාණ්ඩයක වටිනාකමේ ප්‍රතිශතය සහ ඒකකයක් සඳහා ස්ථාවර මිලක් යන දෙකෙන් ඉහළ වටිනාකම ඇති අගය මතය. එහෙත් රුපියල 100%කින් පමණ අවප්‍රමාණය වීම නිසා භාණ්ඩයක ප්‍රමාණය මත අය කරනු ලබන මුදල මෙවර අයවැය මගින් ගැළපීමට කටයුතු කර ඇති බව  රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya