පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    කාසල් වීදිය කාන්තා රෝහල සදහා රුපියල් මිලියන 10 කට වඩා වටිනා වෛද්‍ය උපකරණ

    නොවැම්බර් 17, 2022

    ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති, පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන් විසින් දැඩි සත්කාර ඒකක, සූතිකාගාර සදහා සහ රෝගීන් එහා මෙහා ගෙනයාම සදහා භාවිතා කරනු ලබන ඇඳන් 10 ක් හා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කාසල් වීදිය කාන්තා රෝහල වෙත බාරදීම (16) සිදු කෙරිණි.

    සුභූති හිමියන් විසින් “ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෝස්පිටල් සපෝට් ෆෞන්ඩේෂන්” ආයතනයෙන් කරනු ලැබූ ඉල්ලිමකට අනුව ඔවුන් විසින් මෙරටට මෙම පරිත්‍යාගය ලබාදී ඇත.

    පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති, පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන් විසින් කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා වෙත එම පරිත්‍යාගයන් රෝහල් පරිශ්‍රයේ දී ලබාදීම සිදු විය.

    ‍ඒ සදහා වැය වී ඇති මුදල රුපියල් මිලියන 10 කට අධිකය.

    මේ වන විට දිවයින පුරා රෝහල් 350 කට අධික ප්‍රමාණයකට රෝහල් සේවා මණ්ඩලය මගින් පරිත්‍යාග ලබා දී ඇති බවත්, ඉදිරියටත් එවැනි පරිත්‍යාග දිවයින පුරා පිහිටි රෝහල් වෙත ලබාදීමට තමන් අපේක්ෂා කරන බව පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති, පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන් මෙහිදී පැවැසීය.

    පූජ්‍ය ශ්‍රාස්ත්‍රපති, පණ්ඩිත රජවැල්ලේ සුභූති හිමියන් විසින් රෝහලට ලබාදුන් මෙම පරිත්‍යාගය ඉතාමත් අගය කොට සළකන බවත්, මෙමගින් රෝගී සත්කාර සේවා ශක්තිමත් කර ගැනීමට හැකිවන බව පැවැසූ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ඉදිරියටත් මෙවැනි පරිත්‍යාග සිදු කිරීමට හැකියාව ලැබේවායි උන්වහන්සේ වෙත ප්‍රාර්ථනා එක් කරන බව මෙහිදී පැවැසීය.

    මෙම අවස්ථාවට කාසල්වීදිය කාන්තා රෝහලේ පරිපාලන නිලධාරී තුෂාර බණ්ඩාර, ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වී.ඩී.පී රත්නසිරි, රෝහල් සේවා මණ්ඩලයේ හිටපු සභාපති නිමල් වෙරළුපිටිය, වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය වින්ද්‍යා මනෝහාරි, සිල්වියා ලංකා පදනම නියෝජනය කරමින් නිමල් ද සිල්වා යන මහත්ම මහත්මීන් පිරිසක් එක්වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya