පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    විශේෂ ශ්‍රේණියේ හෙඳ නිලධාරීන්ගේ වාර්ෂික සැසිය - 2022 කොළඹ දී

    නොවැම්බර් 17, 2022

    “විශේෂ ශ්‍රේණියේ හෙඳ නිලධාරීන්ගේ වාර්ෂික සැසිය - 2022” (Inauguration Ceremony of the Annual sessions 2022 of Special Grade Nursing Officers) සමාරම්භක උත්සවය (16) උදෑසන කොළඹ ගලධාරි හෝටයේ ග්‍රෑන්ඩ් බෝල්රූම් (Grand Ballroom) ශාලාවේ දී පැවැත්විණි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැසියේ සමාරම්භය සිදු විය.

    “හෙද පරිපාලන සම්මේලනය” (NAdCon 2022) වශයෙන් නම් කරමින් “සායනික විශිෂ්ටත්වයක් සදහා හෙද දැක්ම වැඩිදියුණු කිරීම” යන්න තේමා කර ගනිමින් පැවැති මෙම සැසියේ ප්‍රධාන අරමුණ හෙද ගැටළු නිරාකරණය කර ගනිමින් ඵලදායි සේවාවක් ලබාදීමට හෙද ප්‍රජාව මෙහෙයවීමයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) පී.බී සමන්මලී මහත්මියගේ සංකල්පයක් සහ මෙහෙයවීම අනුව පැවැත් වූ මෙම වාර්ෂික සැසියේ දී විශිෂ්ට සායනික සේවාවක් ලබාදීමට මූලිකත්වය ගන්නා හෙද සේවාවේ නායකයින් වන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් දිරිගැන්වීම, හෙද සේවාවේ අභීයෝග සහ ගැටළු පිළිබදව කථිකා කිරීම, සේවාවන් සහ කැපවීම් ඇගයීම මෙන්ම හෙට දවසේ හෙද සේවාව සදහා ඔවුන් හැඩගැන්වීමට කටයුතු කිරීම සෙසු අරමුණු බව හෙද අධ්‍යක්ෂ (වෛද්‍ය සේවා) පී.බී සමන්මලී මහත්මිය මෙහිදී පැවැසීය.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කියා සිටියේ හෙද සේවාවට නායකත්වය දෙන විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරින් වෙනුවෙන් මෙවැනි වාර්ෂික සැසිවාරයක් සංවිධානය කිරිම ඇගයීමට ලක්විය යුතු කරුණක් බවයි. ඉතාම විනයගරුකව, ශික්ෂණයෙන් යුක්තව, කාර්යශූරව කටයුතු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණු කරා ලගාවීමට කටයුතු කරන විශාලතම ශක්තිමත් කණ්ඩායමක් ලෙස ද ඔවුන් පෙන්වා දිය හැකි බව ද කීය. විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරින් මෙරට සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් විශාල දායකත්වයක් ලබාදෙන බවත්, සෞඛ්‍ය සේවාවේ කොදු නාරටිය හෙද සේවාව පෙන්වා දිය හැකි බව ද පැවැසීය. කොවිඩ් වසංගතය සමයේ සහ වර්තමානයේ රටේ පවතින විවිධ අභියෝග හමුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණු කරා ලගාවීමට ලබාදෙන දායකත්වය සමස්ත සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ඇගයීමට ලක් කරන බව ද පැවැසීය.

    මේ අතර මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ හෙද සේවාවේ සිටින ඉතාම වටිනාම කණ්ඩායම විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් බවයි. හෙද සේවාව ගොඩ නැගීමටත්, නැති කිරිමටත් මෙම සේවාවට හැකි බවත්, රට පත්ව ඇති තත්ත්වයෙන් ගොඩ ගැනීමට ලබාදිය යුතු සේවය උපරිමයෙන් ලබා දිය යුතු බව ද කීය. පසුගිය කාලය පුරාවටම විවිධ අර්බුද සහ වසංගත තත්ත්ව තුල විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් සිදු කළ සේවාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඇගයීමට ලක් කරන බව ද පැවැසීය. හෙද සේවාවේ කාර්ය මණ්ඩල සදහා නායකත්වය ලබාදෙමින් හෙද සේවාවේ උන්නතිය වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරන ලෙස ද වැඩිදුරටත් පැවැසිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya