පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ විශේෂ නියෝජිත පිරිස කථානායකවරයා හමුවෙයි

    නොවැම්බර් 17, 2022

    දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා‍ගේ විශේෂ නියෝජිත හැන් ඩොන්ග්මන් (Han Dongman) මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා (15 දින ) පාර්ලිමේන්තුවේදී හමුවූහ.

    දකුණු කොරියානු කථානායක පාර්ක් බියෝන් මහතා මීට පෙර ලංකාවේ සිදුකළ සංචාරයේදී දැක්වූ සත්කාර පිළිබදව සිය ස්තූතිය පළ කළ හැන් ඩොන්ග්මන් (Han Dongman) මහතා 2023 වසරේදී එරට සංචාරයකට පැමිණෙන ලෙස කථානායකවරයාට ආරාධනයක්ද කළේය.

    මෙම සුහද සාකච්ඡාවේදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ දෙරට අතර ද්වීපාර්ශවීය සබදතා තර ගැනීමේ වැදගත්කම පිළිබදවද අවධානය යොමු කෙරිණි. විශේෂයෙන් විද්‍යුත් මෝටර් රථ සහ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දිරිගැන්වීම රජයේ අභිප්‍රාය බව කථානායකවරයා මෙහිදී පැවසීය. ලෝකයම මේ වන විට පරිසර හිතකාමී බලශක්ති ක්‍රමවේදයන් කරා ගමන් කරමින් සිටින බව පෙන්වා දෙමින් ඩොන්ග්මන් මහතා ප්‍රකාශ කළේ රටවල් ද්විත්වයටම අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව මේ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කළ හැකි බවයි.

    දකුණු කොරියානු ආයෝජකයන්ට මෙරට ආයෝජන අවස්ථා වැඩි වශයෙන් විවර කිරීම සහ දකුණු කොරියාවේ රැකියා සදහා ශ්‍රී ලාංකිකයින්ට පවතින කෝටාව වැඩි කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

    මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව ආයතනයක් ලෙස කැපී පෙනෙන වර්ධනයන් පෙන්වා ඇති බවයි. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට තරුණ සහභාගීත්වය දිරිගැන්වීම සහ ජනතාවට වඩාත් විවෘත ආයතනක් බවට පාර්ලිමේන්තුව පත් කිරීමට කටයුතු කරන බවද මහලේකම්වරයා පවසා සිටියේය. ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම වසරේ අයවැය කතාව නැරඹීම සඳහා පාසල් සිසුන් සහ තරුණ නියෝජිතයින් 400කට අධික ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැමිණ සිටි බවද ඒ මහතා සිහිපත් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya