එළැඹෙන නොවැම්බර් 21දිනට යෙදෙන ලෝක ධීවර දිනයට සමගාමීව මෙම කටයුතු සිදුකර ඇති බව ධීවර අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දෙයි. එදිනට නව ධීවර ප්‍රතිපත්තියක් සඳහා කථිකාවක් ආරම්භකිරීම හා විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන ව්‍යවසායකයින් සඳහා මුදල් ආධාර ලබාදීම යන කටයුතු සිදුවීමට නියමිතව ඇත.
එමෙන්ම විශිෂ්ට අධ්‍යපන ප්‍රතිඵල ලබාගත් ධිවර දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීමටද කටයුතු සූදානම් කර ඇත.
මීට අමතරව එළැඹෙන 21 වැනිදාට යෙදෙන ලෝක ධීවර දිනය වෙනුවෙන් නොවැම්බර් 17 වැනිදා බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ධීවර රැකියාවේ නිරත පිරිස් වෙනුවෙන් නව තාක්ෂණය හඳුන්වා දීමේ සහ ධීවර ප්‍රජාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් සහ විසිතුරු මත්ස්‍ය කර්මාන්තය සම්බන්ධ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද සූදානම් කර ඇත.
එමෙන්ම නොවැම්බර් 18 දා ධීවර ප්‍රජාව වෙනුවෙන් වෛද්‍ය සායනයක් සහ ධීවර කාන්තාවන් වෙනුවෙන් ඉතුරුම් පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද සූදානම් කර ඇත.