පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    වෙබ් අඩවි සිදු කරන චෝදනා අසත්‍යයි - අධ්‍යාපන අමාත්‍ය

    නොවැම්බර් 17, 2022

    2022 වසරේ ඉස්ලාම් ධර්මය විෂයට අදාළ 6 සිට 11 වසර දක්වා සංශෝධිත පෙළ පොත මේ වන විට දරුවන්ට බෙදා දෙමින් තිබෙන බව සභානායක, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මෙම පෙළපොත්වල ඇතැම් කරුණු සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වූ අතර ඒ අනුව,පත් කළ විශේෂ කමිටුවක්  මගින් මෙම කරුණු පරිශීලනය කර අදාළ සංශෝධනය සිදු කර අලුතින් මුද්‍රණය කර තිබේ.

    එහෙත් ඇතැම් වෙබ් අඩවි වල ආගමික අන්තවාදය සහිත පොත් බෙදා හරිනවා යනුවෙන් තමාට චෝදනා එල්ල වන බවත් එම චෝදනා සම්පූර්ණයෙන් අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.

    ''සියළුම ආගම් වල එකගතාවයෙන් මෙම පොත් බෙදා හරිනවා.මම කළේ සියළුම දරුවන්ට සාධාරණයඉටු කරන එකයි. මම කළේ නිවැරදි දෙයක්. එම දරුවන් එළඹෙන මැයි මාසයේ සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා.සෑම දරුවකුටම සමානව අවස්ථාව දිය යුතුයි, මෙම වෙබ් අඩවිය අසත්‍ය ප්‍රචාරය කරනවා. මේක නැවැත්තුවේ නැත්නම් වරප්‍රසාද ප්‍රශ්නයක් ගෙනෙන බවද අධ්‍යාපන ඇමතිවරයා කීය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya