පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීනයි - කිසිදු පාර්ශවයකට බලපෑම් කළ නොහැකියි

    නොවැම්බර් 17, 2022

    මැතිවරණ කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් බැවින් එය ස්වාධීනව කටයුතු කරන බවත් ඊට කිසිදු පාර්ශවයකට බලපෑම් කළ නොහැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    අග්‍රාමාත්‍යවරයා මෙසේ ප්‍රකාශ කළේ, විපක්ෂ නායකවරයා යොමු කළ ප්‍රශ්න කීපයකට ප්‍රතිචාර දක්වමිනි.

     

    මෙරට ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය ලැබීමේදි පවතින අර්බුද ඉවත් කිරීමට අදාළ ක්‍රියාවලිය මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇතැයි ද පැවසීය. පෙළපොත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසි ආනයනය කර තිබෙන බවත් අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇතැයිද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මෙම පෙළ පොත් මුද්‍රණය සිදුවෙන බවත් අග්‍රාමාත්‍යවරයා කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya