2023 අයවැය දෙවෙනිවර කියවීමේ තෙවැනි දිනය වන අද(17) විවාදයට එක්වෙමින් කර්මාන්ත අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටතුළට වාහන ආනයනය සීමා කළ නමුත්, මෙරට වාහන එකළස් කිරීමේ කර්මාන්ත අලුතින් ආරම්භ වී විශාල ලෙස දියුණු වී ඇතැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෝටර් වාහන එකළස් කිරීම, නාන කාමර උපාංග කට්ටල නිෂ්පාදනය, බෝට්ටු සහ කුඩා යාත්‍රා තැනීම , ඖෂධ නිෂ්පාදනය, රබර් කර්මාන්තය , ඇඟලුම් නිෂ්පාදන වැනි කුඩා කර්මාන්ත ආයතන පසු ගිය දෙක හමාරක කාලය තුළ විශාල දියුණුවක් අත් කර ගෙන ඇතැයිද කීය.
මෙම වසර අවසන් වන විට විදේශ ප්‍රේෂණ මගින් ඩොලර් බිලියන තුනත් හතරත් අතර ප්‍රමාණයක් මේ රටට ලැබෙනු ඇති බවත් වසර අවසානයේ දී රට තුළ ආර්ථික ස්ථාවරභාවය ඇති වනු ඇතැයිද කර්මාන්ත අමාත්‍ය පැවසීය.
පසුගිය කාලයේ ලෝකයේ වැඩිම තෙල් මිල, ගැස් මිල වාර්තා වුණා. එහෙත් එම තත්වයන් ක්‍රමයෙන් යහපත් තත්වයට පත් වෙමින් තිබෙනවා. ආර්ථිකය ස්ථාවර වුණා.උද්ධමනට අඩු වෙනවා. දැන් ක්‍රමයෙන් මෙම තත්වය ස්ථාවර වෙලා තිබෙනවා. රට ක්‍රමානුකූව යථා තත්වයට පත් වෙනවා. ඉදිරි මාස තුනත් හයත් අතර කාල සීමාව තුළ උද්ධමනය අඩු වී බැංකු පොලී අනුපාතය අඩු වේවි යැයි මහබැංකු අධිපතිවරයා පවසා තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වන කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත ප්‍රතිපත්ති සඳහා යම් ස්ථිර ප්‍රතිපත්තියක් ඇති කර ගත යුතුයි. එසේ නිෂ්පාදන ආර්ථිකය ආරක්ෂා නොකළහොත් ඉදිරියට මීටත් වඩා අපහසු වන ඇතැයිද අමාත්‍යවරයා කීය. ආර්ථික අර්බුදය හමුවේ ඉහළට ආ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත ක්ෂේත්‍රය ඉහළට ගොස් තවදුරටත් ඔපමට්ටම් කළ යුතු යි