පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    මාලදිවයිනේ කතානායකවරයාව ශ්‍රි ලංකා මුදල් ගෙවා විදේශයට ගෙන ගිය බවට කරන චෝදනාව අමූලික බොරුවක්- මන්ත්‍රී සාගර කාරියවසම්

    නොවැම්බර් 17, 2022

    මාලදිවයිනේ කතානායකවරයාව ජනාධිපතිතුමා විසින් ශ්‍රි ලංකා මුදල් ගෙවා විදේශයට ගෙන ගිය බවට කරන චෝදනාව පදනමක් රහිත අමූලික බොරුවක් බවත් මෙවැනි බොරු චෝදනා දැන්වත් නවතා දමන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.

    අද (17) අයවැය තුන්වන වර කියවීමේ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මේ බව ප්‍රකාශ කළේය.

    ''මෑත ඉතිහාසයේ කිසිදු රටක් අරගල තුළින් දියුණුවක් ලබාගෙන නෑ. අරගලවලින් සිදුවන්නේ රටකට එන ආයෝජකයින්,සංචාරකයින් පමණක් නොව රටේ සිටින ආයෝජකයින් පවා රටින් එළියට ගොස් වෙනත් රටවල ආයෝජන කරන්න උත්සුක වෙන එකයි.''


    ''රට දියුණු කිරීමට අවංකව අවශ්‍ය නම්, ප්‍රජාත්න්ත්‍රවාදී මාවත ඔස්සේ නීතියේ ආධිපත්‍ය ඔස්සේ මේ රට ඉදිරියට ගෙන යෑම මිස,අරගල තුළින් ලබන ජයග්‍රහනයක් නොමැති බව සඳහන් කරන්න කැමතියි.''

    ''සංවර්ධිත රටක් බවට පත් කිරීමට අවශ්‍ය මූලික අඬිතාලම මෙවර අයවැයෙන් හඳුන්වා දී තිබෙනවා. ක්‍රමවේදනයක් හඳුන්වාදුන් පමණින් රටක් දියුණු කරන්න බෑ. ඒ සඳහා ජනතා කැපවීම අවශ්‍යයි. බොරු චෝදනා නැගීම මේ රටෙන් අවසන් විය යුතුයි''

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya