පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    කාන්තා පැමිණිලි ඉදිරිපත් කිරීමට සෑම පොලීසියකම කාන්තා පොලිස් නිලධාරින් සිව් දෙනෙකුගෙන් යුතු විශේෂ කාමරයක්- රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

    නොවැම්බර් 17, 2022

    සෑම පොලිස් ස්ථානයකම කාන්තාවන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා කාන්තා පොලිස් නිලධාරින් සිව් දෙනෙකුගෙන් යුතු විශේෂ කාමරයක් සකස් කිරීමට කටයුතු කරන බවද ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද(17) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළාය.

    අයවැය දෙවන වර කියවීමේ දෙවන දිනය වන අද (17) විවාදයට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

    විශේෂයෙන්ම දරුවන් සමග මහ මග සිගමනේ යෙදෙන යාචක කාන්තාවන් වෙනුවෙන්ද ඉදිරියේදී අවධානය යොමු කරන බව රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.
    එවැනි මව්වරුන් සවිබල ගැන්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවත් එසේ මව සමග අත් අඩංගුවට පත් වූ දරුවන් අපරාධකරුවන්ගෙන් වෙන්කර තැබීම සඳහා කටයුතු කරන බවද ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළාය.

    2019 වර්ෂයේ සිට මේ දක්වා කරන ලද පරීක්ෂණ වලින් 52%ක් වූ මේ රටේ සෑම කාන්තාවන් පස් දෙනකුගෙන් දෙදෙනෙක්ම ජීවිතේ කවදා හෝ මානසික ,ආර්ථික හෝ කායිකව ලිංගිකව හිංසනයට ලක්ව ඇති බව හෙළි වී ඇති බවද ඇය සඳහන් කළාය.

    කාන්තාවන් රැක ගැනීමේ සිස්ටම් එක වෙනස් විය යුතු යුතු බවද. මාස 05ක් දරුවා ලැබෙන තුරුත් , ප්‍රසූතියෙන් පසු මාස 04ක් සඳහා රු20,000ක් ලබා දෙන බවත් පසුගිය අතුරු අයවැයෙන් තවත් රු 2500ක් වෙන් කළ බවද සඳහන් කළාය.

    මඩකලපුව,අම්පාර ,රත්නපුර දරුවන් සඳහා පෝෂණය තවත් ලැබිය යුතු බවත් දරුවන් වෙනුවෙන් එම ආහාර වේල ලබා දීමට කටයුතු කරන බවද කීවාය.

    පාසල් උපකරණ මිලදී ගැනීම සඳහා විශාල මුදලක් වැය වන බැවින් ඒ සඳහා සහනදායී ක්‍රමවේදයක් සකස් කරන මෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරිය සඳහන් කළාය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya