ලෝකය මුහුණ දෙන මූලික ගැටලු සාකච්ඡා කරමින් ඒ වෙනුවෙන් පෙනී සිටීමට මික්ටා “MIKTA”සංවිධානය පිහිටුවා ගෙන ඇති අතර මෙවර ගෝලීය වශයෙන් මුහුණ දෙන සෞඛ්‍ය තත්ත්වයන් හා එහි ගැටලු පිළිබඳව මේ තුළ සාකච්ඡා කෙරේ.
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වූන්ජින් ජියෝං (Santhush Woonjin JEONG) මහතාගේ ආරාධනයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙම අවස්ථාවට එක්ව සිටියේය. ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මූලික අවශ්‍යතා වෙනුවෙන් සහයෝගය ලබා දීමටත්,ඒ වෙනුවෙන් පෙනී සිටීමටත් මේ සඳහා එක් වූ මික්ටා “MIKTA” සංවිධානයේ නියෝජිතවරු එකඟතාවය පළ කළහ.
විශේෂයෙන් කොවිඩ් ව්‍යසනයේදී එම රටවල් ශ්‍රී ලංකාව කෙරෙහි දැක්වූ ඉහළ දායකත්වයට සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රසාදය පළ කළ අතර ගෝලීය ව්‍යසනය සාර්ථකව පාලනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එම නියෝජිතයින් ඉහළ ප්‍රසාදය පළ කළහ.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා...
ශ්‍රී ලංකාව කොවිඩ් ව්‍යසනයේ ගින්නට ඔරොත්තු දී නැවත නැගී සිටීමේදී මිත්‍රශීලී රටවල් වලින් ලැබුණු සහයෝගය අතිශය වැදගත් බවත් ඒ තුළ ලොව බොහෝ රටවලට වඩා ඉතා ඉක්මනින් කොවිඩ් සතුරා පරාජය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූ බවත් පැවසීය.
විශේෂයෙන් මෙවැනි හවුල්කාරී ජාත්‍යන්තරික සංවිධාන හරහා ශ්‍රී ලංකාවට හිමිවුණු සහයෝගය ඒ තුළ අතිශය වැදගත් වූයේ යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය. ඉදිරියටත් ශ්‍රී ලංකාව මුහුණ දෙන ඕනෑම අභායෝගයක් හමුවේ මිත්‍රශීලී රටවලින් ලැබෙන සහයෝගය රටෙහි නැගී සිටීමට ඉමහත් පිටුවහලක් වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා කීය.
මෙහදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේද කීය.
මනුෂ්‍යත්වය මත කටයුතු කිරීමට කාලය එළඹ ඇත. රෝග,සාගත,නියං,ස්වභාවික විපත් මෙන්ම යුද්ධයකදී වුවද මනුෂ්‍යත්වය නමින් එක් වූ විට සියල්ල ජය ගතහැකිය.කොරෝනා වෛරසය මේ වන විට ලොව පුරා ජීවිත මිලියන 6.6 ක් බිලිගෙන ඇති අතර,2019 සිට එය මනුෂ්‍යත්වයේ ගමන් මග සහමුලින්ම වෙනස් කිරීමට සමත් වී ඇත. අතීතයේ දී මෙන් මෙම වසංගතය ජය ගැනීම සඳහා මානව වර්ගයා එකට එකතු විය යුතු කාලයක් එය සංඥා කළේය.
වර්ග කිලෝමීටර් 65,000 ක පමණ භූමි ප්‍රදේශයක් සහ ඕස්ට්‍රේලියානු මහද්වීපයට සමාන ජනගහනයක් ඇති ශ්‍රී ලංකාවේ, රට සෑම විටම උඩුකුරු සටනකට මුහුණ දීමට සිදු විය. මේ සඳහා පවතින සෞඛ්‍ය සේවා පද්ධතියේ කලින් සූදානමක් නොවීය. පළමු ප්‍රතිචාර දැක්වූවන් පුහුණු කර නැත. ජනතාව සූදානම් වී තිබුණේ නැහැ.කෙසේ වෙතත්, දක්ෂ නායකත්වය සහ නිර්භීත සෞඛ්‍ය වෘත්තිකයන්ගේ මෙන්ම සෞඛ්‍ය සේවාවේ පිරිස්හි වෙහෙස නොබලා කැපකිරීම් සමඟ, ශ්‍රී ලංකාව කොවිඩ් හා සටන් කළේය.
එන්නත් ලබා ගැනීම සඳහා ප්‍රමුඛත්වය දී සෞඛ්‍ය සේවකයින්, ත්‍රිවිධ හමුදාව සහ පළාත් පාලන ආයතන හරහා ජනතාව එන්නත් කිරීමේ කාර්යය ආරම්භ කළෙමු. එය ප්‍රමුඛ කාර්ය විය.
ආරම්භක එන්නත් කිරීමේ මෙහෙයුමේදී ශ්‍රී ලංකාව ලෝකයේ පළමු රටවල් කිහිපය අතරට පත් විය. අද වන විට, ජනගහනයෙන් 30% කට වැඩි පිරිසකට 04 වැනි බූස්ටරයක්ද ලබා දීමත් සමඟ, ඔමික්‍රෝන් ප්‍රභේදයට සාර්ථකව ප්‍රතිචාර දැක්වූවා පමණක් නොව, ව්‍යාපාර සඳහා රට සම්පූර්ණයෙන්ම විවෘත කර ඇත්තෙමු.
මිලියන 22 ක ජනතාවගේ මානව ධෛර්යය හා එහි නායකත්වය මෙන්ම, ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගත් මිල කළ නොහැකි හවුල්කාරිත්වයන් නොවන්නට, කොවිඩ් සතුරා පරාජය කිරීම කළ නොහැකි වනු ඇත. අසල්වැසියන් සහ මිතුරන් සැම විටම අප හා එක්ව සිටියහ. නිදසුනක් වශයෙන්, මික්ටා සංවිධානයේ රාජ්‍යයන්, මෙම දුෂ්කර කාලවලදී අපේ රට නගා සිටුවීමට විවිධ පරිත්‍යාග සහ සුහද ව්‍යාපෘති සමඟින් මිල කළ නොහැකි සහකරුවන් වී සිටී.
අද ලෝකය ආහාර අර්බුදයකට මුහුණ දී සිටී. රුසියාව-යුක්රේන යුද්ධය, බෙදාහැරීමේ මාර්ග අවහිර කරමින් පවතින සැපයුම් දාම අවහිරවීම , ජීවන වියදම් සහ ආහාර හිඟය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙයට එරෙහිව සටන් කිරීම සඳහා, අප දැනට විශේෂ වැඩපිළිවෙලක සක්‍රීයව නියැලී සිටිමු. එමඟින් ශ්‍රී ලංකාවේ ආහාර ගැටලු අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ වෙනුවෙන් අප හා එක් වන ලෙස අප ඉල්ලා සිටිමු.
විශේෂයෙන්ම පසුගිය වසර 02ට වැඩි කාලය තුළ සහ එදා මෙදා තුර කාලය පුරාවට ඔබගේ කල් පවත්නා මිත්‍රත්වය සහ හවුල්කාරිත්වයට නැවත වරක් ඔබට ස්තූති කරන අතර, මෙම දුෂ්කර කාලය තුළ අපව - විශේෂ කොට දැකීමටත් එකට වැඩ කිරීමට කැපවී සිටින ලෙසත් ඉල්ලා සිටිමි.
ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ගස්ටිනා ටෝබිං ( Dewi Gustina Tobing),ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති දිමෙත් සිකර්සෝග්ලු (Demet Sekercioglu),ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටෙෆන්ස් (Paul Stephens) ශ්‍රී ලංකාවේ මෙක්සිකානු කොන්සල් ජනරාල් මොහාන් පණ්ඩිතගේ යන මහත්වරුන්ද, එම රටවල නියෝජිතයින් පිරිසක් හා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.