පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    දෛනිකව කිරි ලීටර ලක්ෂයක් ජාතික පද්ධතියට

    නොවැම්බර් 18, 2022

    සමෘද්ධි අධිකාරියේ මූල්‍ය හා ප්‍රජා දායකත්වයෙන් හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ තාක්ෂණික සහායෙන් දෛනිකව කිරි ලීටර් ලක්ෂයක් ජාතික පද්ධතියට එකතු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත.

    සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමෘද්ධි අධිකාරියත්, පශු සම්පත් සංවර්ධන අධිකාරියත් ඒකාබද්ධව ආරම්භ කෙරෙන මෙම වැඩසටහන රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතාගේ මැදිහත්වීමෙන් කළුතර දිස්ක්‍රික්කයෙන් ආරම්භ කර සමස්ත දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා සහ පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පසු ගියදා (16) පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේදී මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය විය.

    සමෘද්ධිලාභීන් මෙම කටයුත්තට ඵලදායී ලෙස යොදා ගැනීමට මෙන්ම කටුපොල් වගා කර ඇති වතු සහ සමෘද්ධි හිමිකම්ලාභීන් ඒකාබද්ධ කර මහා පරිමාණ කිරි ගොවිපලවල් නිර්මාණය කිරීම, වැඩි කිරි ප්‍රමාණයක් ලබා දෙන ගුණාත්මක දෙනුන් සොයා ගැනීම, ලංකාවට උචිත ඉන්දියානු සහ පාකිස්ථානු කිරි දෙනුන් තානාපති කාර්යාලවල මැදිහත්වීම සහිතව ලබා ගැනීම යනාදී කරුණු කිහිපයක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.

    මේ වනවිටත් පකිස්ථානු - ශ්‍රී ලංකා මිත්‍රත්ව ගොවිපලක් ක්‍රියාත්මක බවත්, ඒ හරහා උසස් තත්ත්වයේ පට්ටි ගොනුන් ලබා ගත හැකි ක්‍රමවේදයක් පිළිබඳව අවධානය යොමු කරන බවත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා මෙහිදී කියා සිටියේය. කිරිගොවීන් විකිණීමට බලාපොරොත්තුවන දෙනුන් හැකිතාක් ප්‍රමාණයක් මතුගම ප්‍රදේශයේ කිරි ගොවිපල වෙත මූල්‍ය පදනමක් ලබා ගැනීමටද මෙහිදී අවධානය යොමු විය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya