පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    2023 අයවැය යෝජනා පිළිබඳ ප්‍රගති සමාලෝචනයට මුදල් අමාත්‍යාංශය යටතේ වෙනම කාර්යාලයක්

    නොවැම්බර් 18, 2022

    2023 අයවැය යෝජනා පිළිබඳ ප්‍රගති සමාලෝචනය සදහා මුදල් අමාත්‍යාංශය යටතේ වෙනම කාර්යාලයක් පිහිටුවන බවත්, එම සමාලෝචනය අයවැය යෝජනා ක්‍රියාත්මක වන පලමු සතියේ සිටම සිදුකෙරෙන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඉඩම් ඔප්පු සහ හිමිකම් පත් ප්‍රදානය වෙනුවෙන් ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ (17) පැවැති උත්සවයකට එක් වෙමිනි.


    මීට පෙර අයවැය ලේඛන 76ක් විවිධ රජයන් මගින් ඉදිරිපත් කර ඇතත් එම අයවැය මගින් ඉදිරිපත් කළ බොහෝ යෝජනා ක්‍රියාත්මක වීම වැළැක්වූයේ නීතිමය ගැටලු, මුදල් ගැටලු සහ ජනතා විරෝධය හේතුවෙන් බවත්, ඉදිරියේදී මුදල් අමාත්‍යාංශයේ ස්ථාපනය කෙරෙන කාර්යාලයක් මගින් මෙම පසු විපරම් කටයුතු සිදු කරමින් අදාළ යෝජනා ක්‍රියාත්මක නොවීමට යම් හේතුවක් ඇත්නම් ඒ පිළිබඳ මැදිහත්වීම සිදු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
    “මෙවර අයවැය මගින් මෙරට ඉඩම් හිමිකම සම්බන්ධයෙන් සුවිශේෂී යෝජනා දෙකක් සාකච්ඡා කරල තියෙනවා. එකක් තමයි කෘෂි අපනයනය සඳහා හිස් ඉඩම් පවරා ගැනීම. අනික ඉඩම් බැහැර කිරීම, එහෙමත් නැත්තං දැනට භුක්ති විඳින පිරිස් වෙත නිසි පරිදි ඒවා පවරා දීම. අපි දන්නවා 1815 දී සුද්දො තමයි අපට මේ ඉඩම් අයිතිය අහිමි කළේ. මුඩු බිම් පනත ගෙනල්ලා අපිව භූමියක් නැති භූමි පුත්‍රයන් බවට පත් කළා. අදටත් මේ ඉඩම් ජනතාවට පවරා දෙන්න යද්දි ගැටලු රැසකට මුහුණ දෙනවා. ඒ නිසා අපි මෙවර අයවැය මගින් රජයේ ඉඩම් ජනතාවට පවරා දීමේ බලය සම්පූර්ණයෙන් ප්‍රාදේශීය ලේකම් වෙත පවරල තියෙනවා. ඒ වගේ ම රට මුහුණ දෙන අභියෝගය ජය ගැනීමේ එක් පියවරයක් ලෙස ලංකාවේ සෑම බිම් අගලක්ම වැවීමට සහය දැක්වීමේ පියවරක් විදියට කෘෂි අපනය භෝග වගාව වෙනුවෙන් ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් පවරා ගැනීමේ යෝජනාව ඉදිරිපත් කරල තියෙනවා” යැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවැසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya