අද (18) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විදේශ රැකියා අමාත්‍යංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශය එක්ව විශේෂ කමිටුවක් පිහිටුවා ඇතැයිද අමාත්‍යවරයා කීය.
මෙවැනි සිදුවීම් හා සම්බන්ධ වූ පුද්ගලයන්ට හා ඒවාට සහාය දක්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවත් නීතියෙන් රිංගා යාමට කිසිදු ඉඩක් නොතබන බව අමාත්‍යවරයා කීය.
''මිනිස් ජාවාරම සහ විදෙස් රැකියා යනු කාරණා දෙකක්. ඇතැම් පිරිස් සංචාරක වීසා වලින් විදෙස් ගත වෙනවා. ඔවුන් ඩුබායි, ඔිමාන් වැනි රාජ්‍ය වලදී තැරැව්කරුවන් විසින් අළෙවි කරනවා. මෙවැනි සිදුවීම් සිදු වන්නේ ජනතාවගේ නොදැනුවත් බව නිසායි.''
දැනට විදෙස් රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වල දුරකථනයකට පිළිතුරු දීමට හෝ කෙනෙක් නොමැති වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ, ඒ සඳහා සේවක පිරිස් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි. ඒ අනුව කඩිනමින් එම කටයුතු සිදුවන බව අමාත්‍යවරයා පැවසීය.