ඔක්කොම එකතු වෙලා වැඩ කළොත් ජාතියක් ලෙස නැගී සිටීමට හැකි බවත් ඒ සඳහා මෙවර අයවැයේ හොඳ වැඩසටහන් රාශියක් ඇතුළත් කර තිබෙන බවත් කුමන දේශපාලන පක්ෂයක් ආවද වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තියක් සැදිය යුතු බවත් ජනාධිපතිතුමාට ද අවශ්‍ය සියළු දෙනා එක්ව මෙම ජාතික ප්‍රතිපත්තිය සෑදීම බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේරවර්ධන මහතා පැවසීය.
අයවැය දෙවන වර කියවීමේ සිවුවන දිනය වන අද (18) විවාදය ආරම්භ කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
''ජනාධිපතිවරයා බලනවා මේ තිබෙන ප්‍රශ්නය අවසන් කරන්න. ඒ නිසා තමයි මෙම ඓතිහාසික අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ. අපි සියළු දෙනා එක්ව 2048 වෙනකල් වෙනස් කරන්න බැරි අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදමු, වෙනස් කරන්න බරි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදමු, වෙනස් කරන්න බැරි ජාතික ප්‍රතිපත්ති රාමුවක් සාදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වන වගන්තිය අනුව එය ව්‍යවස්ථාවට ඇතුළ් කරමු. ජනාධිපතිවරයා කියනවා 2048 වෙනකල් වෙනස් කරන්න බැරි ජාතික ප්‍රතිපත්තියක් හදමු කියලා. එවිට තමයි කවුරු දින්නත් පැරදුනත් ක්‍රියාත්මක වෙන්නේ.එහෙත් මේ වසර 05කට සැරයක් එන ඡන්දය නිසා මෙම ප්‍රතිපත්තිය කැඩෙනවා.''
''එවිට ජාත්‍යන්තරයට අවශ්‍ය දේ නොව ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථිකය ගොඩ නැගෙයි. ශ්‍රි ලංකාවේ මහජන නියෝජිතයින් එක්ව නැගිට්ටේ නැත්නම් නිදහස ලැබිලා වසර 75ක් පිරෙන ලබන වසරේත් ආර්ථිකමය වශයෙන් අපි පරාදයි.''
වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා;
''අපි හැමෝම සතුටු වෙන්න ඕන, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමයි, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගිහින් ආපු පළමු ජනාධිපති. ලංකාවේ ප්‍රශ්නයට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද විසඳුමක් ඉදිරිපත්කර තිබෙනවා. අපි දේශපාලනය බෙදිලා තරග කරමු. හැබැයි ආර්ථිකයේදී බෙදිලා තරග කරන්න එපා. එවිට දඩුවම හම්බවෙන්නේ මේ 225ටම. මේ ප්‍රශ්නෙදි පැනලා ගියොත් ගුටි කන්න වෙන්නේ අපි 225ටමයි.''
''විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ටෙලිකොම් කරනකොට දේශීය ව්‍යාපාර කියමින් ඊට විරුද්ධව කෑ ගැසුවා , දැන් කියනවා ටෙලිකොම් තියාගන් ඕන කියලා.මේ රටේ සමහර ආයතන වල පඩිය ලක්ෂ 45යි. ජනාධිපතිවරයාට හෝ කතානායකවරයාටවත් එවැනි පඩියක් නැහැ. එයාල බලනව කොහොමද මේ ලක්ෂ 45 පඩිය බේර ගන්නේ කියලා. ටෙලිකොම් ආයතනයේ ඊළග පියවර තිබ්බේ නැත්නම් එම ආයතනය කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙන්නේ මහජනතාවගේ ඇග උඩට, මහජනතාවට තමයි පරිප්පු සීනි වලින් ගෙවන්න වෙන්නේ. දැන් කියනවා මේක ජාතික වස්තුවක් කියා.''
''අපි කළයුත්තේ Telecommunication Traffic Handling වැනි ක්‍රමවලට ගිහින්, ආසියාව සමග තරඟ කරන්න ඕන. මම කැමතියි එවැනි ආයතන සම්බන්ධයෙන් වාර්තාවක් හදල ඔබතුමන්ලාට බෙදා දෙන්න. තවත් උදාහරණ තමයි RDA, පෙට්ට්‍රෙිා්ලියම්, ලංකා විදුලි බල මණ්ඩලය වැනි ආයතන. ආණ්ඩුව මේ වගේ ව්‍යාපර වලින් අයින් වෙන්න ඕන, මෙම ආයතන පෞද්ගලික අංශයට දෙන්න ඕන.ශ්‍රි ලන්කන් ගුවන් සමාගමත් එහෙමයි. මේවට ගෙවන්නේ ප්ලේන් එකකටවත් අඩිය නොතබපු ගමේ අහින්සක මිනිස්සු.''
'' දැන් හදන්නේ අපි බෙදිලා වෙන් වෙලා ලංකාව පරද්දන්න ඔක්කොම එකතු වෙලා අපි වැඩ කළොත් ආසියාවේ ජාතියක් ලෙස නැගී සිටින්න පුළුවන්. මෙවර අයවැයේ හොඳ වැඩසටහන් රාශියක් ඇතුළ් කර තිබෙනවා. වෛද්‍ය සංගමයේ ඉල්ලීම පරිදි වෛද්‍ය ක්ෂේත්‍රෙය් පශ්චාත් උපාධි වැඩසටහන් මෙවර අයවැයට ඇතුළත් කර තිබෙනවා. මෙවර අයවැයේ සියළුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි සකස් කළ අයවැයක් මිස, රු 10ක් වැඩි වුණාම අත්පුඩි ගසන අයවැයක් නොවේ. ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනුව සියළුම රාජ්‍ය ආයතන වැඩ කළ යුතුයි. ආණ්ඩුව අයවැය ගෙනාව නම් එය ක්‍රියාත්මක කරන්න පක්ෂ විපක්ෂ සියළු දෙනාම මෙන්ම රාජ්‍ය ආයතන බැඳී සිටිනවා.''