අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අද (18) පාර්ලිමේන්තුවේ දීය.
තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
''මෙය අනාගතය ගැන හිතන්න පුළුවන් අයවැයක්. මෙය දේශපාලන විජ්ජාවක් තුළ කෙරෙන වැඩපිළිවෙලක් නොවන බව සිතන්න පුළුවන්. සුබවාදී කරුණු කාරණා විපක්ෂයෙන් මතුවීමත් හොඳ පූර්වාදර්ශයක්. විග්‍රහයන් මිලේච්ඡ ප්‍රහාර ලෙස දකින්නේ නෑ.''
''අප්‍රෙල් මැයි වනවිට ප්‍රගතියත් එක්ක මුදල් වෙන් කිරීමේ හැකියාව තිබෙනවා. මෙවර අයවැය තුළ දේශපාලඥයන්ගේ භූමිකාව පිළිබඳ සංවාදයක් ගොඩනැගී තිබෙනවා. සැළසුමක් සමඟ එකතුවෙලා, වැඩපිළිවෙලක් හැටියට ගතහොත් ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා යුතුයි.''
''එදා සමාජ පෙරළිය ඔස්සේ දේශපාලඥයා වෙනස් වෙලා තිබෙනවා. දේශපාලඥයාගේ ඉදිරි අනාගතය වෙනස් විය යුතුයි. සමාජ පීඩනය තේරුම් ගැනීමේ හැකියාවක් තිබිය යුතුයි. නිශ්චිත් කාලයක් තුළ ස්ථීර වැඩපිළිවෙලක් යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සභාවේ සාකච්ඡා කර සමාජගත කරමින් , සමජය ලබාදුන් අස්ථාව ප්‍රයෝජනයට ගෙන කටයුතු කළ යුතුයි.''
පුරවැසියා බලාගෙන ඉන්නේ එකට එකතුවෙලා මේ රට ගොඩගන්නා වැඩපිළිවෙලක්.පුරවැසි බලයට තැනක් දෙමින් පුරවැසි බලයත් එක්ක බද්ධ වූ දේශපාලන ගමනක් යන්න හැකියාවක් ලැබෙයි කියා විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසීය.