පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    පනත් කෙටුම්පත් කිහිපයකට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

    නොවැම්බර් 18, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව, පහත සඳහන් පනත් කෙටුම්ප‍ත් 8 ට ඊයේ (17) සිය සහතිකය සටහන් කරන ලද බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

    සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටි, අධිකරණ සංවිධාන(සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා කථානායකවරයා සිය සහතිකය සටහන් කොට තිබේ.

    ඒ් අනුව, උක්ත පනත්කෙටුම්පත් 2022 අංක 33 දරන සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටි පනත, 2022 අංක 34 දරන අධිකරණ සංවිධාන(සංශෝධන) පනත, 2022 අංක 35 දරන පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත, 2022 අංක 36 දරන සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන) පනත, 2022 අංක 37 දරන උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන) පනත, 2022 අංක 38 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත, 2022 අංක 39 දරන ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) පනත සහ 2022 අංක 40 දරන අන්තරායකර සත්ත්ව (සංශෝධන) පනත වශයෙන් 2022 නොවැම්බර් 17 වැනිදා සිට බලාත්මකවේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya