අද (18) පස්වරුවේ ඓතිහාසික අනුරාධපුර පූජා භූමිය වෙත පැමිණි ජනාධිපතිවරයා අභිනව අටමස්ථානාධිපති හිමි බැහැදැක උන්වහන්සේට සුභාශීංසන පළ කරමින් නිරෝගී සුව ප්‍රාර්ථනා කළේය.
ජනාධිපතිවරයා සමග සුහද පිළිසඳරක නිරත වූ අටමස්ථානාධිපති හිමියෝ සෙත් පිරිත් සජ්ජායනා කර එතුමා වෙත ආශිර්වාද පළ කළහ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.