අමාත්‍යවරයා මේ බව පැවසුවේ සමස්ත ලංකා සුරාබදු සැරයන් සහ නියාමක සංගමයේ 70 වන වාර්ෂික සම්මේලනයට අද (18) එක්වෙමිනි.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙමගින් ප්‍රමාදයකින් තොරව අදාළ මධ්‍යසාර හඳුනා ගැනීමේ හැකියාව ලැබෙන බැවින් ඒවා සමාජ ගත වීම කඩිනමින් වැලැක්විය හැකි බවයි.
“මෙවර අයවැය මගින් අපි සුරා බදු දෙපාර්තමේන්තුව සඳහා ම වෙනම රසායනාගාරයක් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කරල තියෙනවා. මේක කාලාන්තරයක් තිස්සේ තිබුණ ඉල්ලීමක්. දැනට සුරාවල ප්‍රමිතිය සම්බන්ධ කටයුතු රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා සිදු වන බැවින් කාර්ය බහුලත්වයත් එක්ක ප්‍රමාදයක් සහිතව තමයි ඒ කටයුතු සිදු වෙන්නේ. ” යැයි අමාත්‍යවරයා පැවැසීය.
2023 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහි දී අදහස් පළ කළේ ය. “මෙවර අයවැයේ සඳහා රජයේ වියදම රුපියල් බිලියන 7800ක්. එය පසුගිය වසරේ විදයම ලෙස සටහන් වූ රුපියල් බිලියන 6100ට වඩා 30%ක ඉහළ යාමක්. රජයට වැඩිම ආදායම් හොයල දෙන ලැයිස්තුවේ තුන් වැනි තැන ඉන්න සුරා බදු දෙපාර්තමේන්තුවේ සුවිශේෂී නිලධාරීන් වන ඔබ ඒ වෙනුවෙන් පුළුල් කාර්යභාරයක් ඉටු කරමින් ඉන්නවා. අපි මාසෙකට රජයේ වැටුප් බිල විදියට රුපියල් බිලියන 92ක් හොයන්න ඕනෙ. විශ්‍රාම වැටුප් සඳහා රුපියල් බිලියන 26ක් හොයන්න ඕනෙ.” යැයි අමාත්‍යවරයා එහි දී පැවැසීය.
මෙම අවස්ථාවට සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.