එහි සමාරම්භක සුවධරණි විශේෂඥ ජංගම වෛද්‍ය සායනය නොවැම්බර් මස 20 දින මහර ජනාධිපති විද්‍යාලයේ දී පෙරවූ 9.00 සිට පස්වරු 1.00 දක්වා පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ පූර්ණ දායකත්වය මත පවත්වන මෙම වෛද්‍ය සායනය විශේෂඥ බටහිර වෛද්‍ය සායනය, පාරම්පරික ආයුර්වේද සහ හෝමියෝපති වෛද්‍ය සයන වලින් සමන්විතයි.
මෙම වෛද්‍ය සායනය බාහිර රෝගී අංශ ප්‍රතිකාර සේවාවන්, දිය්වදියව, කොලෙස්ටරෝල්, වකුගඩු රෝග හඳුනාගැනීමේ වෛද්‍ය සයන, රුධිර පරික්ෂා කිරීමේ ජංගම රසායනාගාර සේවාවන්, ජංගම දන්ත ශල්‍යාගාර, අක්ෂිරෝග සායන ඇතුළු විශේෂඥ වෛද්‍ය සායන රැසකින් සමන්ව්ත වන අතර සියලු සේවාවන් නොමිලේ සපයන මෙම වෛද්‍ය සායන සඳහා සහභාගී වීමෙන් ජනතාවට ප්‍රතිකාර ලබා ගැනීමේ හැකියාව උදාවනු ඇත.
ඒ අනුව, ජනතාවගේ නිරෝගී සුවය වෙනුවෙන් සිදු කරන මෙම වෛද්‍ය සයනයට සහභාගී වී ඔබගේ සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.