පෙබරවාරි 01, 2025
tami eng youtube  twitter facebook

    මෙරට ආර්ථික ස්ථායීකරණයට බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා එළඹෙන දෙසැම්බර් අගදී රටට ඉදිරිපත් කිරීමට පියවර...

    නොවැම්බර් 19, 2022

     ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි සාකච්ඡා කෙරේ.

    මෙරට ආර්ථික ස්ථායීකරණයට බලපාන නීති ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා එළඹෙන දෙසැම්බර් අගදී රටට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

    ඒ් මහතා මේ බව සඳහන් කළේ රටේ ආර්ථික ස්ථායීකරණයට අදාළ නව නීති පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා උක්ත කමිටුව පසුගියදා (15) රැස්වූ අවස්ථාවේදීයි.

    විශේෂයෙන් රට ආර්ථික වශයෙන් බංකොලොත් භාවයට පත් වීමට හේතු වූ කරුණු මොනවාද ඒ් සඳහා බලපෑ හේතු අතර පවතින නීතියේ අඩුපාඩු තිබේද යන්න සාකච්ඡා කිරිම සහ ඒ් පිළිබඳ ඒළඹීමට අපේක්ෂිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව සාකච්ඡා කිරීම වැදගත් බව සභාපතිවරයා මෙහිදී පැවසීය.

    රට තුළ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා දේශීය සහ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේදී මෙරට නීති පද්ධතිය තුළ ඇති කළ යුතු වෙනස්කම් පිළිබඳ මෙහිදී විද්වතුන් විසින් අදහස් පළ කරන ලදී.

    මහ බැංකුවේ කාර්යභාරය, මහාභාණ්ඩාගාරයේ කාර්යභාරය හා වගවීම, ආණ්ඩුවේ කාර්යභාරය හා වගවීම, රාජ්‍ය නිලධාරින්ගේ දේශපාලනඥයන්ගේ සහ ඔවුන් සමග ගනු දෙනු කරන ව්‍යාපාරික ප්‍රජාවගේ වගවීම පිළිබඳ මෙහිදි සාකච්ඡා කෙරිණි. එමෙන්ම මහා පරිමාණයේ දූෂණ මර්දන ක්‍රියාවලියක අවශ්‍යතාවය සහ වත්කම් බැරකම් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පිළිබඳ යෝජනාද මෙහිදී ඉදිරිපත් කෙරිණි.

    එහිදී අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සඳහන් කළේ මේ වන විට නව නීති සම්පාදනය කිරීම් සහ පවතින නීති සංශෝධනය කිරීම් 55ක් සිදුවෙමින් පවතින බවයි.

    මෙහිදී ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දුන්නේ කොවිඩ් වසංගත තත්ත්වය හේතු‌කොටගෙන මේ වන විට අධිකරණවල විභාග වෙමින් පවතින නඩු සංඛ්‍යාව අධික වීම නිසා උද්ගතවී ඇති තත්ත්වයට පිළියමක් ලෙස නඩු විභාග කාර්යක්ෂමව කළමනාකරණය කළ යුතු බවයි.

    මෙම රැස්වීමට අමාත්‍ය නසීර් අහමඩ්, ගරු එම් රාමේෂ්වරන්,  සාගර කාරියවසම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අදාළ ආයතන නියෝජනය කරන නිලධාරින්, මෙරට විශ්ව විද්‍යාල නීති පීඨවල පීඨාධිපතිවරුන්, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන සංජීව ජයවර්ධන, සරත් ජයමාන්න, ක්‍රිෂ්මාල් වර්ණසූරිය, මෛත්‍රී ගුණරත්න, ගුණරත්න වන්නිනායක සහ ශිරාල් ලක්තිලක ඇතුලු පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya